Home » News »

රහස්‌ පොලිසිය මර්වින්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

 

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති මර්වින් සිල්වාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි දිනවලදී ප්‍රශ්න කිරීමට නියමිතය.මෙම ඝාතනයේ මහ මොළකරුවන් ලෙස කටයුතු කර ඇත්තේ ඇමැති මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම් ඇතුළු ආධාරකරුවන් පිරිසක්‌ බැවින් මේ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන්ද ප්‍රශ්න කළ යුතු බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

හසිත මඩවල මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් සිංගප්පූරු සරත් ඇතුළු සැකකරුවන් පස්‌දෙනා දින තුනක රැඳවුම් නියෝගයක්‌ මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථනවල ඇති අංක කීපයක්‌ ඔස්‌සේද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ පවත්වාගෙන යන අතර ඝාතනය පිටුපස ප්‍රබල දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව සොයා බලාගෙන යයි.(හේමන්ත රන්දුනු)

Source: Divaina(Sri Lanka)