Home » Sports »

ලංකාවේ මැරතන් ක්‍රීඩක කුරේට ලන්ඩනයේදී මල් උපහාරයක්

 

පසුගියදා නිමවූ ලන්ඩන් මැරතන් තරඟයෙන් 35,000 අධික තරඟකරුවන් අතරින්14 වෙනියා ලෙස තරඟය නිම කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේට මල් පොකුරක් ලබාදී උපහාර පිදීමට ලන්ඩනයේ ලාංකිකයෝ කටයුතු කළහ. 2012 දී ලන්ඩන් ඔලිම්පික් උළෙලටත් ශ්‍රී ලංකාව නියෝජනය කල අනුරාධ මෙවර ලන්ඩන් මැරතන් තරඟයට ඉදිරිපත් වුයේ ඔහු පුහුණුවීම් කරන බකින්ග්හම් ප්‍රාන්තයේ වේල් ඔෆ් එයෙල්ස්බරි ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්ය.

අනුරාධගේ බ්‍රිතාන්‍ය ජාතික පුහුණුකරු නික් ටෙයිලර් සඳහන් කලේ ඔවුන් අනුරාධව පුහුණු කරන්නේ බ්‍රිතාන්‍යතුල ජාතික මට්ටමේ තරංග සඳහා පමණක් බවත් ලංකාවේ වගකිවයුත්තන් අනුරාධට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේනම් මොහුගෙන් මෙයට වඩා උසස්, තරඟකාරී ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා බලා පොරොත්තු විය හැකි බවයි. මෙම වසරේ අගෝස්තුවේ මොස්කව් නගරයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා උළෙලටත් ලබනවසරේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේ පැවැත්වෙන පොදු රද මඩලු තරඟවලියටත් ඊළඟ ඔලිම්පික් තරඟවලියටත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බලාපොරොත්තු වන බැවින් ලංකාවේ ක්‍රීඩා බලධාරීන් තමාට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට උදව් කරනු ඇතෙයි විශ්වාස කරන බව මැරතන් තරඟය අවසානයේදී අනුරාධ පැවසීය.

ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
ජායාරුප ජනක අලහප්පෙරුම/ නික් ටෙයිලර්