Home » News »

‘අනුරාධපුර රැළියට ලංගම බස් දාහක්’

 

Anuradhapuraජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පොදු දේපළ අයථා ලෙස පරිහරණය කරන බවට ‘පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන’ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කරයි.

රජයේ දේපල, රජයේ නිලධාරීන් සහ රාජ්‍ය මාධ්‍ය අයථා ලෙස පරිහරණය කිරීම ඇතුළු නිරීක්ෂණ ගණනාවක් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබන පොදු දේපල රැක ගැනීමේ වැඩසටහන, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියට පැමිණිලි කොට තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක රැළි ආවරණය කිරීම සඳහා ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යොදා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස්වරයා වෙත කරන ලද පැමිණිල්ලේ සඳහන්.

Continue reading>> http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141214_prespoll_transparency

Source: BBC Sinhala