මේ වසරේ මුල් මාස හයේදී හෙරොයින් සහ ගංජා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 54,471 ක් සමඟ ජාවාරම්කරුවන් 20,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන අයුරු; මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන මත්ද්‍රව්‍යවලින් කිලෝ 11 ක් හෙරොයින් වන අතර ඉතිරි ප්‍රමාණය ගංජා නම් මත්ද්‍රව්‍යයයි. අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් ගෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් අධිකරණය මඟින් දඬුවම් ලබා දැනට බන්ධනාගාරගත ව සිටින බවත් හෙතෙම පැවැසීය.
ඉතිරි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මේ වන විට අධිකරණමය ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වන අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය මූලිකත්වයෙන් දිගින් දිගටම මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන බවත් ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කරයි.
Source: Silumina (Sri Lanka)