ගිරිඋල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් නව දෙනෙකු පොලිස් නිල ඇඳුමින් සැරසී කුලියාපිටිය දණඩගමුව ප්‍රදේශයේ අවන්හලක මත්පැන් පානය කරමින් සිටියදී කුලියාපිටිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පොලිස් දැලට කොටුකර ගනු ලැබූ අතර වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා එම පොලිස් නිලධාරීන් නව දෙනාගේ වැඩ තහනම් කිරීමට නියෝග කර ඇත.
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන පණිවිඩයක් නිසා එම පොලිස් නිලධාරීන් නව දෙනා කොටු කර ගැනීමට හැකි වී ඇත.
කුලියාපිටිය පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහතාගේ උපදෙස් අනුව කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී (අංක 2) කීර්ති බණ්ඩාර මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් එම අවන්හල වටලනු ලැබ පොලිස් දැලට කොටුකර ගත් පොලිස් නිලධාරීන් නව දෙනා අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකු ද සිටින බව වාර්තා වෙයි.
කුලියාපිටිය විශේෂ ඩබ්ලිව්. රණසිංහ
Source: Dinamina (Sri Lanka)