ශ්රී ලංකාවේ ඉපිද අවුරුදු 13 දී ඇමරිකාවට සංක්රමණය වූ ඇමරිකානු යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කළ 29 හැවිරිදි සුරේෂ් කෲස් ඇෆ්ගනිස්ථානයේදී මරුමුවට පත්වී ඇත.
මේ ඇමරිකානු යුද හමුදා නිලධාරියා ගමන්ගත් බ්ලැක්හොර්ක් හෙලිකොප්ටරය කන්දහාර් නුවරදී කඩා වැටීම නිසා ඔහු සමග ගමන්ගත් ඇමරිකානු භටයින් 7 දෙනකු හා ඇෆ්ගන් ජාතිකයන් හතර දෙනකුද මෙහිදී මරණයට පත්වී ඇත.
තලේබාන් සංවිධානය ප්රකාශ කරන්නේ තමන් මේ හෙලිකොප්ටරය බිම දැමූ බවත්ය.
සුරේෂ් ලංකාවේ සිංහල මවකට දාව ඉපදී ඇති අතර ඇමරිකාවේදී ඔහුව බ්රයන් වෙමිඩි හා සුෂෙට් කෲස් වෙමිඩි යුවළ විසින් නීතිමය ප්රකාරව ලබාගෙන තම දරුවා ලෙස හදාවඩාගෙන ඇත.
සුරේෂ්ගේ ඇමරිකානු දෙමාපියන් පවසන්නේ තම දරුවා එඩිතර පුද්ගලයකු බවත් ඔහු සිය රට වෙනුවෙන් දිවිපිදූ බවත්ය.
Source: Divaina (Sri Lanka)