ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වුහ.
මහා නාහිමියන් පිළිබඳව බී.බී.සී සංදේශයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ සමාජ සංවර්ධන සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය කරකොලේ පියදස්සි නා හිමියෝ කියා සිටියේ මහා නා හිමියන් ශ්‍රී ලංකා රාමඤඤ නිකායේ වැඩිම කාලයක් මහා නාහිමි තනතුර දැරූ හිමිපාණන් වහන්සේ බවයි.
අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියන් රාමඤඤ නිකාය තුළ සංඝ සභා පිහිටුවමින් සාසනික හා සමාජීය සේවාවන්හි භික්ෂුන් වහන්සේලාට ක්‍රියා කාරී වීමට ඉඩ සැලසු බව කරකොලේ පියදස්සි නාහිමියෝ එහිදී ප්‍රකාශ කළහ.
නිකාය තුළ ප්රජතන්ත්රවාදී පරිපාලන ව්‍යුහයන් පිහිටුවාලමින් අට දහසක් පමණ වූ භික්ෂුන්වහන්සේ ඒකීය නායකත්වයක් යටතේ මග පෙන්වූ බව උන්වහන්සේ කියා පෙන්වා දී තිබේ..
අති පූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නා හිමියෝ අපවත් වන විට අවුරුදු 104 ක් ආයු වළඳා සිටියහ.
Source: Adaderana (Sri Lanka)