ආසියානු නෙට්බෝල් ශූරතාව ස්ථිරවම දිනා ගැනිමේ සැලසුම අනුව පිටියට පිවිසි සිංගප්පූරු ක්රීඩිකාවෝ ශ්රී ලංකාව ලකුණු 48-47කින් පරදවා තම අරමුණ ඉටු කර ගත්හ.
කොළඹ සුගතදාස ක්රීඩාංගණයේද ඊයේ පැවැති අවසන් තරගයෙ ආරම්භයේ සිටම ප්රබල තර්ජනයක් එල්ල කළ සිංගප්පූරු ක්රීඩිකාවෝ කාර්තු හතරේදීම ශ්රී ලංකාවට පීඩනය වැඩි කළහ.
පළපුරුදු ක්රීඩිකාවන්ගෙන් සිදුවු වැරදි ක්රීඩා විලාසය හේතුවෙන් මේ පරාජය ශ්රී ලංකාවට අත්වීමට ප්රධානතම හේතුව විය. අවසන් මහා තරගයකදී තිබිය යුතු උණුසුම් ක්රීඩා විලාශයෙන් පිරිපුන් වු මෙහි ලකුණු තත්ත්වය වුයේ 12-13,13-13,11-10 හා 11-12ක් ලෙසිනි.
ශ්රී ලංකාවට ලකුණු කරා යා හැකි පහසු අවස්ථා 12ක් පමණ පා පිළිබද නීතිය, අසාර්ථක යොමු කිරීම වැනි හේතු මත අහිමි වී ගිය අතර ඒ සෑම අවස්ථාවකම වාසිය පෙරළා සිංගප්පුරුව හිමිකර ගත්තේය.
පළමු කාර්තුවේදී ගෝල් ඇටෑක් ක්රීඩිකාව ලෙස ක්රීඩා කළ ශෂිකා සමරසිංහ දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙන් දෙවැනි කාර්තුවේ සිට ළබාල ක්රීඩිකා සෙමිණි අල්විස් ආදේශ කළ අතර එය යම් දුරක සාර්ථක ආදේශයක් විය.
තෙවැනි කාර්තුවේදී ගෝල් කීපර් චතුරංගනී ජයසුරිය වෙනුවට තිසාලා අල්ගම ආදේශ කිරීමද ශ්රී ලංකාවට යම් සහනයක් විය.
අවසන් කාර්තුවේ අවසන් මිනිත්තු තුනේදී තරගයේ ලකුණු 46-46ක් ලෙස සම තත්ත්වයකට පැමිණියේය. අනතුරුව සිංගප්පුරුව ලකුණක් ලබාගත් අතර නැවත තර්ජනී සිවලිංගම් ලකුණක් ලබා 47-47ක් කළාය.
අවසන් මිනිත්තුවේදී සිංගප්පූරුව තවත් ලකුණක් ලබාගත් අතර තවත් තප්පර 45ක් පමණ තිබියදී ඔවුන් ජයග්රහණය සැමරීමේ සුදානමින් බෝලය හුවමාරු කරගත්හ.
තරගයෙන් අනතුරුව අදහස් දැක්වු ශ්රී ලංකා පුහුණුකාරිණී හයසින්ත් විජේසිංහ මහත්මිය පැවැසුවේ තම ක්රීඩිකාවන් හොදින් ක්රීඩා නොකළ බවයි. හොඳ තරගයක් දුන්නද අතපසුවීම් වලින් තරගයේ වාසිය සිංගප්පූරුව ලබාගත් බව ඇය සදහන් කළාය.
ප්රින්ස් ගුණසේකර
Source: Dinamina