නව ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදී පක්ෂය තුළ රැඩිකල් වෙනසක් ඇති කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) පැවැසීය. එම නව ප්‍රතිපත්ති මාලාව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේදී සම්මත කරගන්නා බවද ඔහු කීවේය. ඊයේට යෙදුණු එක්සත් ජාතික පක්ෂයේ 66 වැනි සංවත්සරයේදී වික්‍රමසිංහ මහතා මේ කරුණු පැවැසීය.
එම පක්ෂයේ 66 වැනි සංවත්සරය පක්ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී පැවැති අතර මෙහිදී පක්ෂය වෙනුවෙන් කැපවුණු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට පළාත් සභා මන්ත්රීවරුනට, සංවර්ධන සභා නියෝජනය කළ අයට වෘත්තීය සමිති නායකයන්ට, හිටපු මහලේකම්වරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සම්මාන ප්රදානය කෙරිණි.
1977 වසරේ සිට අඛණ්ඩව මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරන වත්මන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාටද මෙහිදී විශේෂ තිළිණයක් පක්ෂ සභාපති ජයවික්‍රම පෙරේරා සහ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් විසින් ප්රදානය කරනු ලැබීය.
නවීකරණය කරන ලද සිරිකොත පක්ෂ මූලස්ථානයද ඊයේ (06 දා) විවෘත කෙරිණි. සංවත්සරය ආරම්භ කරමින් පක්ෂයේ හිටපු නායකවරුනට පුෂ්පෝපහාර දැක්වූ අතර සංවත්සරය ඉතා චාම් ලෙස සංවිධානය කර තිබූ ආකාරය දක්නට ලැබිණි.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ද මීට සහභාගි වී සිටියහ.
Source: Divaina (Sri Lanka)