Home » News »

අනවසර තුවක්‌කුවක්‌ සොයා ගිය වන නිලධාරීන් සමග ආදිවාසීහු ගැටෙති

 

දඹානේ ආදිවාසීන් සහ වනජීවී නිලධාරීන් අතර පෙරේදා (15 දා) රාත්‍රියේ සිදුවූ ගැටුමකින් වනජීවී නිලධාරීන් දෙදෙනකු සහ ආදිවාසියකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර ඇත. වනජීවී නිලධාරීන් කණ්‌ඩායමක්‌ අනවසර තුවක්‌කුවක්‌ අල්ලා ගැනීම සඳහා  ආදිවාසියකුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ගැටුම සිදු වී ඇති බව මහියංගන පොලිසිය කියයි.

ලැබී ඇති ආරංචි අනුව ඌරුවරිගේ පුංචිබණ්‌ඩා නමැති ආදිවාසියා රෝහල්ගත වී ඇති අතර වනජීවී නිලධාරීන් වන කේ. නානායක්‌කාර සහ වසන්ත කුමාර යන වනජීවී නිලධාරීහු දෙදෙනාද රෝහල්ගත වී සිටිති.

මෙම තත්ත්වයට සමථයකට පත්කිරීම සඳහා ආදිවාසී නායකයා සහ වනජීවී නිලධාරීන් අතර සාකච්ඡා පවත්වාගෙන යන නමුත් මෙතෙක්‌ විසඳුමක්‌ ලැබී නැත.

මහියංගන පොලිසිය මගින් එම ප්‍රදේශය තුළ ආරක්‍ෂාව තරකර ඇත.

නෝමන් පලිහවඩන, කන්දකැටිය – ජී. චතුරංග,
බණ්‌ඩාරවෙල – කරුණාරත්න පල්ලේගම

Source: Divaina (Sri Lanka)