Home » Sports »

ක්‍රීඩාව තහනම් වුණත් කතාවට බාධා නෑ

 

තරග පාවාදීම හේතුවෙන් දීර්ඝකාලීන තරග තහනමකට ලක්ව සිටින පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් වන සල්මන් බට් හා මොහොමඩ් ආමීර් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ රූපවාහිනී විස්තර ප්‍රචාරකයන් ලෙස කටයුතු කරති‍.

එංගලන්තට එරෙහිව 2010 ලෝඩ්ස් ටෙස්ට් තරගයේ හිතාමතාම නීති විරෝධී පන්දු යැවීම නිසා ජගත් ක්‍රිකට් කවුන්සලයේ පස් අවුරුදු තරග තහනමකට මේ දෙදෙනාම ලක්ව සිටිති.

ඉන්දියාවට එරෙහිව පාකිස්තානය කඩුලු 5ක් ජයක් අත්කරගත් කොළඹදී පෙරේදා පැවැති පුහුණු තරගය අතරවාරයේදී බට් ARY ප්‍රවෘත්ති චැනලයේ පෙනී සිටියේය. ආමීර්ද එදිනම එස්ප්‍රස් නිව්ස් චැනලයේ විස්තර ප්‍රචාරයට එක්වුණි.

Source: Dinamina(Sri Lanka)