තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් පිරිසක් රැගත් ට්රොaලර් යාත්රාවකට මහ මුහුද මැදදී වෙනත් යාත්රාවකින් කඩාවැදුණු සන්නද්ධ පිරිසක් එහි සිටි ධීවරයන්ට අමානුෂික ලෙස පහර දී කපා කොටා දෑත් දෙපා ගැටගසා ඔවුන් මහ මුහුදට ඇද දමා ධීවර යාත්රාව පැහැරගෙන ගොස් ඇත.
සන්නද්ධ පිරිස විසින් මහ මුහුදට ඇද දැමූ ධීවරයන් අතුරින් දෙදෙනකු විදේශ නෞකා දෙකක් මගින් පෙරේදා (15 වැනිදා) රාත්රි බේරාගෙන පසුව නාවික හමුදාවට භාරදී තිබේ. මුහුදට ඇද දැමූ ධීවරයන්ගෙන් තිදෙනකු පිළිබඳ කිසිදු තොරතුරක් ඊයේ (16 දා) දහවල් වනතුරුත් ලැබී නොතිබිණි.
නීති විරෝධී අන්දමින් ඔස්aටේ්රලියාවට පුද්ගලයන් රැගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක් මෙම ට්රොaලර් යාත්රාව පැහැර ගන්නට ඇති බව පොලිසිය පවසයි.
මෙහිදී දිවි ගලවාගෙන ඇත්තේ තංගල්ල කුඩාවැල්ලේ පදිංචිකරුවන් දෙදෙනකු වන 27 හැවිරිදි ලොකුයක්දෙහිගේ නිරෝෂන් සහ 30 හැවිරිදි සුරංග අනිල් ගලප්පත්ති යන අයයි.
මුහුදට දැමීමෙන් පසුව අතුරුදන්ව ඇත්තේ කේ. එච්. සමන්, දුලාන් චතුරංග සහ රොෂාන් කුමාර යන අය බව හඳුනාගෙන ඇත.
“තේජාන්” නමැති ට්රොaලර් යාත්රාවේ නැගුණු ධීවර පිරිස ඉකුත් 14 වැනිදා රාත්රි 10.00 ට පමණ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. යාත්රාවේ රියෑදුරු ලෙස කටයුතු කර ඇත්තේ තාවකාලිකව බඳවා ගත් පුද්ගලයෙකි.
අලුතින්ම මිලදී ගෙන තිබූ මෙම ට්රොaලර් යාත්රාව සිය තුන්වැනි ධීවර ගමන ලෙස මෙසේ පිටත් වී තිබිණි.
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට කිලෝමීටර් කීපයක් මුහුද මැදට යාත්රා කරද්දී එහි රියෑදුරු යාත්රාව එකවරම නතර කර තිබේ. යාත්රාව නතර කළේ ඇයිදැයි ධීවරයන් විමසීමේදී ඔහු පවසා ඇත්තේ තම හිතවතුන් පිරිසක් බියර් කෑන් තොගයක් රැගෙන එන බවත් එය ගෙන එනතුරු යාත්රාව නතර කළ බවත්ය.
ඒ සමඟම කුඩා යාත්රාවකින් පැමිණි පුද්ගලයන් දසදෙනකු එකවරම ට්රොaලර් යාත්රාවට ඇතුළු වී එහි සිටි ධීවරයන් පස්දෙනාට අමානුෂික ලෙස පහර දී ඔවුන් කපා කොටා තුවාල කර පසුව දෑත් දෙපා ගැටගසා ඇත.
ට්රොaලර් යාත්රාවේ සිටි රියෑදුරු ද මෙම කල්ලිය සමඟ එක්ව සිටි අතර ඔවුන් ගල්කටස් තුවක්කු, කඩු හා පිහිවලින් සන්නද්ධව සිටි බව හෙළි විය.
මෙම ධීවරයන් අතර සිටි වයෝවෘද්ධ පුද්ගලයාට ද සන්නද්ධ පිරිස අමානුෂික ලෙස පහර දුන් අතර ඔහු එම පිරිසට වැඳ වැටෙමින් පහර නොදෙන ලෙස ඉල්ලා ඇත.
යාත්රාවේ සිටි අවුරුදු 21 සහ 19 වයස්වල පසු වූ තරුණයන් දෙදෙනාට ද සන්නද්ධ පිරිස ඉතාම කෲර අන්දමින් පහර දී කපා කොටා තුවාල කර තිබේ.
යාත්රාවේ සිටි සුරංග අනිල් ගලප්පත්ති සන්නද්ධ පිරිස විසින් මුහුදට ඇද දැමූ අතර එය බලා සිටි නිරෝෂන් ද එක්වරම මුහුදට පැන ඇත.
ඔවුන් දෙදෙනා බැඳ තිබූ ලණු ලිහාගෙන පැය අටකට ආසන්න කාලයක් මුහුදේ පිහිනමින් සිට ඇත.
ඒ අවස්ථාවේ භාණ්ඩ ප්රවාහන නෞකාවකින් එක් ධීවරයකු බේරාගත් අතර තවත් නෞකාවකින් අනෙක් ධීවරයා ද බේරාගෙන තිබේ.
පසුව ඔවුන් දෙදෙනා නාවික හමුදාව වෙත භාරදීමට එම නෞකාවල බලධාරීහු කටයුතු කළහ. බේරාගත් ධීවරයන් දෙදෙනා නාවික හමුදාවේ ජයසාගර නෞකාවෙන් ගාල්ල වරායට රැගෙනවිත් ඇත්තේ පෙරේදා රාත්රි කාලයේදීය.
පසුව ඔවුන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මෙහිදී අතුරුදන් වූ ධීවරයන් තිදෙනා සෙවීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විශේෂ මෙහෙයුමක් ඊයේ ආරම්භ කර තිබිණි.
ගාල්ල සහ තංගල්ල පොලිසි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.
Source: Divaina (Sri Lanka)