උතුරේ ආරක්‍ෂාවට මැදිහත් වීමට දෙමළ සන්ධානයට බැහැ – ගෝඨාභය

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය වහා අහෝසි කළ යුතු බව තමන් නැවත වරක්‌ අවධාරණය කරන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් මෙරට චීන තානාපතිනිය හමු වී උතුරේ හමුදා ක්‍රියාකාරකම් සඳහා ආධාර ලබාදීම නවත්වන්න යෑයි ඉල්ලීම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ආරක්‍ෂක ලේකම්වරයා කියයි. විශේෂයෙන්ම උතුරේ ආරක්‍ෂක කටයුතුවලට මැදිහත්වීමට දෙමළ සන්ධානයට කිසිම අයිතියක්‌ නැති බව ද රාජපක්‍ෂ මහතා පවසයි.

දෙමළ සන්ධානයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා ශ්‍රී ලංකා චීන මිතුදමටත් ප්‍රශ්නයක්‌ වන බව ආරක්‍ෂක ලේකම්වරයා කියයි.

දෙමළ ජාතික සන්ධානයේ මෙවැනි ක්‍රියාකාරකම් නිසා තමන්ට 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කර දැමිය යුතු බව යළිත් අවධාරණය කිරීමට සිදුවන බව ආරක්‍ෂක ලේකම්වරයා කියයි.

ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
Source:  Divaina (Sri Lanka)