පක්ෂයේ විනය ආරක්ෂා කිරීම සඳහා කනගාටුවෙන් වුවත් පක්ෂයේ ප්‍රධාන සාමාජිකයින් පස්දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට තමා සිය අත්සන යෙදූ බව එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මහනුවර, රිවඩෙල් හෝටලයේ දී පෙරේදා ((20 වැනිදා) මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කළ අයදුම්කරුවන් හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒකාධිපති ආණ්ඩුවක් සමග හැප්පෙන්න නම් හමුදාවට ඇති විනය තිබිය යුතුයි. හමුදාවට වගේ විනයක් පක්ෂයට නොමැති නම් ආණ්ඩුව සමඟ හැප්පී බලය ලබා ගැනීමට නොහැකි බවද වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දුන්නේය.
කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසියම් තීරණයක් ගත්විට එම තීරණ ක්‍රියාත්මක කළ යුතුයි. හමුදාපති වගේ නියෝග ලබාදිය යුතුයි. 2014 දී එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට හැකි වන්නේ එවිට යෑයිද වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
සිරිල් විමලසුරේන්ද
Source: Divaina(Sri Lanka)