අත්තනගල්ල අලවල මහකන්ද පාරේ හෑපනාකන්දේ පාමුල නිෙවසකට මහ වැසි මැද ඊයේ 22 පස්වරුවේ පස් කන්දක් කඩා වැටී යටවී සිටි මව බේරාගෙන රෝහල් ගත කෙරුණු අතර ඇගේ වයස අවුරුදු දෙකහමාරක් වන දරුවා සොයා ගැනීමේ මෙහෙයුම් ඊයේ රාත්‍රිය වනතුරුත් සිදු කෙරිනි.
මව හා දරුවා පමණක් නිෙවසේ සිටින අවස්ථාවේ පස්කන්ද කඩා වැටී ඇති අතර නිෙවසේ සුන්බුන් සමඟ පාරට විසිවී සිටි මව බේරාගත් ප්‍රදේශවාසීහු ඇය වහාම වතුපිටිවල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. සිද්ධීය සැලවීමත් සමඟ ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය, නිට්ටඹුව පොලිසිය ප්‍රදේශවාසීන් හා එක්ව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. බස්නායක මහතාගේ මෙහෙයවීම යටතේ ඊයේ රාත්‍රී වනතුරුත් කඩා වැටුනු පස් කන්ද හා නිවසේ සුන්බුන් ඉවත් කරමින් දරුවා සෙවීමේ මෙහෙයුම් සිදු කෙරිනි.
බැකෝ යන්ත්‍රයක්ද යොදා ගනිමින් මේ මෙහෙයුම් සිදු කෙරුනු අතර රාත්‍රීය උදාවීමත් සමඟ එම කටයුතු සිදු කිරීමේ ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව පැවැතිනි.
තුවාල ලත් ඒ.ඩී. සන්ධ්‍යා මහත්මියට වෛද්‍ය කන්ඩායම් ප්‍රතිකාර කරමින් පවතින බව ඇගේ තත්ත්වය ගැන කළ විමසීමේදී වතුපිටිවල රෝහලේ ප්‍රකාශකයෙක් කීය. පස් කණ්ඩියට නිවස යටවීමත් සමග දරුවාගේ ලතෝනි හඩ ඇසුනු බව තුවාල ලත් මව රෝහල් ගත කරන අතරදී පවසා ඇත.
මේ අනතුරින් වෙනත් කිසිවකුට අනතුරක් වූ බවට වාර්තා වී නොතිබුනි.
කොටදෙණියාව සමූහ එම්. පී. කුමාර
Source: Dinamina (Sri Lanka)