පළාත් සභා ක්‍රමය වහා අහෝසි කළ යුතු බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම පවසති. ජාතික සමගියට අහිතකර බලපෑම් එල්ල කරන රට තුළ අර්බුද මතුකරලීමට ඉවහල් වන පළාත් සභා අහෝසි කරලීමට පටු දේශපාලනික අරමුණු වලින් තොරව සැවොම එක්විය යුතු බව උන්වහන්සේ දෙනම ප්‍රකාශ කළහ.
ජාතික නිදහස් පෙරමුණේ නායක ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පෙරේදා (28) මහ නාහිමිවරු දෙනම බැහැ දුටු අවස්ථාවේ උන් වහන්සේ දෙනම මේ බව කීහ.
පළාත් සභා ක්‍රමය තව දුරටත් පවත්වාගෙන යෑමෙන් රට හමුවේ වර්ධනය වෙමින් තිබෙන බලවත් අන්තරාය පිළිබඳ මහ නාහිමිවරුන් සංදේශයක් මගින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඇමැති විමල් වීරවංශ මහතා මෙහිදී පියවර ගත්තේය.
ඇමැති වීරවංශ මහතා ශ්‍රී දළදා මාලිගාවේදී අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ද මල්වතු මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙහිදී අදහස් දැක්වූ අස්ගිරි මහ නාහිමියෝ
පළාත් සභා රටේ අවශ්‍යතාවට ඇතිවූ දෙයක් නොවෙයි. එය අප රට මත බලහත්කාරයෙන් පැටවූ එකක්. ඉන්දියාව අති විශාල රටක්. එහි එක් ප්‍රාන්තයක් ලංකාවට වඩා ලොකුයි. ඒ වගේ විශාල රටකට බලය බෙදා හැරලා පළාත් සභා වැනි ක්‍රමයක් සුදුසු වුණාට අපේ වගේ පුංචි රටකට ඒක ඔබින්නේ නැහැ. ඉන්දියාවේ වුණත් ප්‍රාන්තවලට බලය දුන්නට මහ ආණ්ඩුව පිටින් ගිහින් වැඩ කරන්න ඒ අයට බැහැ. පළාත් සභා නඩත්තු කරන්න මොනතරම් මුදලක් වැය වෙනවද?
ඒ ඒ අවස්ථාවල ආණ්ඩු තමන්ගේ බලය තහවුරු කරගන්න කරපු දේවල් මේවා. රටේ අනාගතය ගැන හිතලා තීන්දු ගත්ත නම් මේ වගේ රටේ අර්බුද ඇතිවීමට හේතුවන ක්‍රම ඇති වන්නේ නැහැ. එදා ගත්ත වැරදි තීරණ නිසා රට බෙදන්න බලාගෙන ඉන්න අය ප්‍රයෝජන ගන්නවා. පළාත් සභාවලට ව්‍යවස්ථාවෙන් හිමිව තිබෙන බලතල ඒ ආකාරයෙන්ම පාවිච්චි කළොත් උතුර හා නැෙඟනහිර මධ්‍යම ආණ්ඩුවෙන් කැඩිලා යයි.
පළාත් සභා උතුරේ පිහිටුවාගත් පසු ඒ අය ඔවුන්ට ඕන විදිහට ක්‍රියාකරයි. එහෙම වුණොත් රණවිරුවෝ දුක් මහන්සියෙන් නිදහස් කරගත් රටට මොකද වෙන්නේ. එදා පැවති ගම්සභා ක්‍රමය වැනි ක්‍රමයක් රටට නරක නැහැ. වෙනම රාජ්‍යයක් ඇතිකර ගන්න තරම් බලයක් කාටවත් නොදිය යුතුයි. විදේශ රටවල් කෑ ගහන එකට බයවෙලා ඔවුනට ඕන විදිහට වැඩකරන්න අපි සූදානම් විය යුතු නැහැ. මේක ස්වාධීන රටක්. රටේ ඉදිරි අනාගතයට ගැළපෙන පරිදි අර්බුද ඇති නොවන ලෙස අණපනත් ගේන්න ඕන. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ හැමෝම එක ගමනක් යා යුතුයි. බලය තහවුරු කරගන්න එක එක කණ්ඩායම් ක්‍රියා කළොත් විශාල අර්බුද ඇතිවේවි.
මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි
අපි මුල ඉඳලම පළාත් සභා ක්‍රමයට විරුද්ධයි. පළාත් සභා වගේම විධායක ජනාධිපති ක්‍රමය මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතුයි. රටට අහිතකර දේවල් නැති කරන්න හැමෝම එකතු වෙන්න ඕන. ෙහිදී අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13න් වන සංශෝධනය හරහා 1987 පළාත් සභා අපි මත බලහත් කාරයෙන් පැටවූ එකක්. යුද්ධයෙන් ලබා ගත නොහැකි වූ දේ 13න් වන සංශෝධනය හරලා ලැබී ඇති බලතල මගින් ලබාගන්න බෙදුම්වාදී අරමුණු වලින් පෝෂිතවූවන් උත්සාහ ගත්තයි ජාතිවාදීන් කියන ගරු නම්බුව එදා වගේම අපට ජාත්‍යන්තරවාදීන් විසින් එල්ල කරාවි. අධිරාජ්‍යවාදීන්ට සේවය කරන මේ ජාත්‍යන්තරවාදීන්ගේ පටු අරමුණු අපි පරාජය කළ යුතුයි.
අපිට අවශ්‍යය සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතින්ට එකට ජීවත්විය හැකි සමගි සම්පන්න රටක්. එක් එක් ජාතින්ට අවශ්‍ය පරිදි රට බෙදා වෙන්කරන්න බැහැ.
හතුන් වන ආණ්ඩුක්‍රම සංශෝධනය හරහා ව්‍යවස්ථාව තුළ අටවා ඇති කාල බෝම්බය පිපිරෙන්න කලින් නිශ්ක්‍රීය කළ යුතු බවද ඒ මහතා කීය. නියෝජ්‍ය ඇමැති වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභා ඇමැති නිමල් පියතිස්ස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වුහ.
Source: Dinamina( Sri Lanka)