කථානායකවරයා වෙත දෝෂාභියෝග යෝජනාවක් භාරදුන් පමණින්ම අගවිනිසුරුවරිය ඉවත් කිරීමට බලයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
කුරුණෑගල ව්‍යාපාරික ප්‍රජාව විසින් පෙරේදා (01 වැනිදා) සංවිධානය කරන ලද රැස්වීමක් අමතමින් එසේ පැවැසූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඊළඟට තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බැවින් එහිදී එක්සත් ජාතික පක්ෂයද එයට සහභාගී වී පක්ෂයේ මතය ඉදිරිපත් කරන බවයි. එවිට තේරීම් කාරක සභාව අධිකරණයක ස්වරූපය ගන්නා බවද වික්‍රමසිංහ මහතා පැවැසීය.
මෙම ආණ්ඩුව කලින් කලට එක එක මතවාද ගෙන එමින් රටේ පැන නගින ප්‍රශ්න රටේ ජනතාවට අමතක කරවන්නට උත්සාහ ගන්නේ යෑයි පැවසූ රනිල් වික්‍රමසිංහ මහතා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බවට මත වාදයක් ඇතිකර තිබෙන්නේ දැනට රටේ පවතින ජීවන වියදම් ප්රශ්නය මගහැර යැමට යෑයිද කීවේය. 13 ගැන කතා කිරීමෙන් බඩුමිල අඩු වන්නේ නැතැයිද තෙල් වෙනුවට 13 දමා වාහන දුවන්නට බැරි යෑයිද ඔහු පැවැසීය. මේ නිසා ලබන දෙසැම්බර් 01 වැනි දින සිට පක්ෂය රැඩිකල් ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක වෙමින් පක්ෂය බිම් මට්ටමේ සිට සංවිධානය කරන බවද පැවැසීය.
මේ අවස්ථාවේදී මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේ දෙසැම්බර් 01 වැනි දින පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සාමාජිකයන් 5100 ක් සහභාගි වන බැවින් ඒ සඳහා සාමාජිකයන් සහභාගි කරවීම සිදු කරන්නේ 2010 සම්මත කරගත් ව්‍යවස්ථාව අනුව බැවින් කිසිදු තහනමක් හෝ සීමා කිරීමක් සිදුකර නොමැති බවයි.
මෙම අවස්ථාව සංවිධානය කළ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ එ.ජා.ප. ප්‍රධාන සංවිධායක හා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න ශමල් සෙනරත් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඒකාධිපති පාලනාධිකාරියක් ගෙනයැමට පෙර සූදානමක් වශයෙන් අපරාධ විධිවිධාන සංග්‍රහයේ සංශෝධන ගෙනඒමට කටයුතු කර ඇති බවයි.
Source: Divaina (Sri Lanka)