පාර්ලිමේන්තු භෝජනාගාරය වෙත සැපයීමට සකස් කර තිබූ කොහිල සහ පරිප්පු මිශ්‍රිත වෑංජනයේ ආසනික් තිබූ බවට සැකයක් තිබෙන බව කථානායක චමල් රාජපක්ෂ මහතා පෙරේදා (17 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරුන්ගේ අමුත්තන් සඳහා වන භෝජනාගාරයට පසුගිය 16 දා සැපයීමට සකස් කළ පරිප්පු සහ කොහිල වෑංජනය අසාමාන්‍ය ලෙස රත්පැහැ ගැන්වී තිබීම නිසා එය භෝජනාගාරයට යෑවීම නතර කළ පාර්ලිමේන්තු පොලිසියේ ආහාර පරීක්ෂකයෝ ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළහ.
මෙම වෑංජනයේ ආසනික් අඩංගු බවට ඇතිවූ සැකයක් මත එහි සාම්පල් රස පරීක්ෂකවරයා වෙත යෑවූ බවද කථානායකවරයා පැවැසුවේය.
මින් පසු පාර්ලිමේන්තු භෝජනාගාර වෙත සපයන පිසූ ආහාර පමණක් නොව ඒවා පිළියෙල කිරීමට පෙර අදාළ එළවළු වර්ග පරීක්ෂණයට භාජනය කිරීමට නියෝග කළ බවද කථානායක චමල් රාජපක්ෂ මහතා කීවේය.
කුෂාන් සුබසිංහ – අජිත් අලහකෝන්
Source: Divaina (Sri Lanka)