අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දොaෂාභියෝග චෝදනා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ පත්කළ තේරීම් කමිටුවක් මගින් විභාග කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තියට අනුකූලද, නැද්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම සඳහා එම ප්රශ්නය මතුකර තිබූ පෙත්සම් 04 ක් වහාම ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20 දා) රෙජිස්ට්රාර්වරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණය එම නියෝගය කළේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ දීර්ඝ කරුණුවලට සවන්දීමෙන් අනතුරුවය.
එම පෙත්සම් 04 සමග අභියාචනාධිකරණය දුන් නියෝගයේ පිටපතක්ද පෙත්සම්වලට අමුණා තිබූ සියලු ලියකියවිලි හා නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ කෙටි විස්තරයක්ද ශේ්‍රෂ්ඨාධිකරණයට යවන බව අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා මහතා දැනුම් දුන්නේය.
විනිසුරු අනිල් ගුණරත්න හා ඒ. ඩබ්ලිව්. ඒ. සලාම් යන මහත්වරු පෙත්සම් සලකා බැලූ ත්රීපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සුළු ජාතිකයෝ වෙති.
අගවිනිසුරුවරියට එරෙහි දොaෂාභියෝගය චෝදනා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හමුවේ විභාග කිරීමට එරෙහිව පෙත්සම් 6 ක් ගොනු කර තිබිණි.
ඉන් පෙත්සම් 04 කින් අභියෝගයට ලක්කර තිබුණේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවට. ඒ සඳහා ඇති අධිකරණ බලය පිළිබඳවය. තේරීම් භාර කමිටුවේ සාමාජිකයන් වශයෙන් ඇමැති දොස්තර රාජිත සේනාරත්න, ඇමැති විමල් වීරවංශ යන මහත්වරුන් තේරීම් කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට එරෙහිව අනිත් පෙත්සම් දෙක ගොනු කර තිබිණි.
මෙම පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුරටත් සලකා බැලීම කල් තැබිණි.
ඊයේ අභියාචනාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ප්‍රධාන වශයෙන් කියා සිටියේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ තේරීම් කාරක සභාවට අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා ගැන විභාගයක් පැවැත්වීමට බලයක් නැති බවයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යනු නීතියක් නොවන බවත් අගවිනිසුරුවරිය තේරීම් කමිටුව හමුවට කැඳවා ඇයට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත් කරනු ලබන විනිශ්චය සභාවක් හෝ අධිකරණයක් මගින් කළ යුතු කාර්යයක් බවත් ඔවුහු කියා සිටියහ.
අධිනීතිඥ එස්. එල්. ගුණසේකර මහතා කියා සිටියේ මේ රටේ ඉහළම උසාවියේ ප්‍රධානියා වන අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් හමුවට කැඳවා ඇයට එරෙහිව ඇති චෝදනා භංග කිරීමට සාක්ෂි කරුණු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටීම ඇයට පමණක් නොව මුළු අධිකරණ පද්ධතියටම කරන විශාල හානියක් බවයි.
මෙය ඉතා අසාධාරණ ලෙස පැවැත්වීමට යන නඩු විභාගයක් බවත් සාධාරණ නඩු විභාගකට මුහුණ දීමට මේ රටේ සාමාන්‍ය වැසියකුට ඇති අයිතිය අගවිනිසුරුවරියට අහිමි කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) උල්ලංඝනය කිරීමක් බවත් කීය.
නීතිඥ කනක් ඊශ්වරන් මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් ස්ථාවර නියෝග යනු රටේ බල පවත්වන නීතියක් නොවන බවත් එය බලය සිටින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 වැනි වගන්තිය යටතේ පනවා ඇති රෙගුලාසිවලට යටත් බවත් කීය.
ශ්‍රී ලංකා ජන රජයේ උත්තරීතර නීතිය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ජනතා ස්වාධිපත්‍යය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති විවිධ ආයතන පිහිටුවා ඇත්තේ ව්‍යවස්ථාවේ පනවා ඇති රෙගුලාසිවලට යටත්වයි. පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනය නොවන බවත් කනක් ඊශ්වරන් මහතා පැවැසීය.
පෙත්සම් විභාගය පවත්වා අවසන් වන තෙක් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන ලෙසට තේරීම් කමිටුවට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටි නමුත් අභියාචනාධිකරණය සභාපති ස්කන්ධ රාජා මහතා පැවසුවේ ව්‍යවස්ථා අර්ථකථනයක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් යොමු කළාට පසුව එවැනි නියෝගයක් කිරීමට තමන්ට බලයක් නැති බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණාට පසුව පෙත්සම්වලින් කර ඇති ඉල්ලීම විසඳීම පහසු වනු ඇති බවත් එවැනි නියෝගයක් කළ යුතු නම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ඇති බවත් ඔහු කීය.
මුලින්ම උසාවියේ කරුණු දැක්වූවේ පෙත්සම්කරුවකු වන චන්ද්‍රd ජයරත්න නමැති අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනක් ඊස්වරන් මහතායි.
කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝද නීතිඥ නිමල් වීරක්කොඩි, ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, ශාලිකා පීරිස් තිලකරත්න සෙසු පෙත්සම්කරුවෝ වෙති.
සෝභිත හිමි වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෝ අලගරත්නම් මහතාද ජයම්පති වික්‍රමරත්න මහතා වෙනුවෙන් අධිනීතිඥ එස්. එල්. ගුණසේකර, ශාලිකා පීරිස් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සිබ්ලි අසීස් හා උදිත ඉහලහේවා, නීතිඥ වීරක්කොඩි වෙනුවෙන් ඉක්රම් මොහොමඩ් යන මහත්වරුද පෙනී සිටියහ.
Source: Divaina (Sri Lanka)