‘සුප්‍රීම් සැට්‌’ ඊයේ අභ්‍යාවකාශ ගත කෙරේ

ශ්‍රී ලංකා විසින් ගුවන්ගත කරන පළමු චන්ද්‍රිකාව වූ “සුප්‍රීම් සැට්‌ -1” චන්ද්‍රිකාව ඊයේ (27 දා) පස්‌වරු 3.43 ට චීනයේ ෂිචෑන්ග් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්‌ථානයේදී අභ්‍යාවකාශගත කෙරිණි.

මෙම චන්ද්‍රිකාවේ ආයු කාලය වසර 15 ක්‌ වන අතර එය පොළොවට කිලෝ මීටර් 36000 ක්‌ උඩින් රදවා තැබෙනු ඇත.

මධ්‍යම ගණයේ සන්නිවේදන චන්ද්‍රිකාවක්‌ වන මෙහි බර කිලෝ 5100 කි.

සන්නිවේදන පහසුකම් වඩාත් කාර්ක්‍ෂම කිරීම සඳහා මෙම චන්ද්‍රිකාව මගින් මැදපෙරදිග, ආසියාව මෙන්ම ඔස්‌ටේ්‍රලියානු කලාපයද ආවරණය කෙරේ.

Source: Divaina (Sri Lanka)