කොටි සැමරුම නතර කළේ ත්‍රස්‌තවාදී මර්දන පනත යටතේයි – ආරක්‍ෂක අංශ කියයි

උතුරේ ‘කොටි මහා විරු සමරුව’ නතර කිරීමට යුධ හමුදාව සහ පොලිසිය පියවර ගත්තේ ත්‍රස්‌තවාදී මර්දන පනත යටතේ බව ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ “දිවයින”ට ඊයේ (30 දා) පැවැසීය.

ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ව සැමරීම නීති විරෝධී බව හමුදා බලධාරින් විසින් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දැනුම් දී තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

එහෙත් හමුදාව සමඟ ගැටුම් ඇති කරගෙන එය ජාත්‍යන්තරයට පෙන්නුම් කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාල සිසුන් මහාවිරු සැමරුම පවත්වා ඇතැයිද එම නිලධාරියා කියා සිටියේය. මේ අතර යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවය ගැන ඇමරිකානු තානාපති කාර්යාලය විසින් කර ඇති ප්‍රකාශය රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

Source: Divaina (Sri Lanka)