එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වසර හයක් දක්වා දීර්ඝ කිරීම සඳහා ගෙන එනු ලැබූ ව්‍යවස්ථා සංශෝධනය සිරිකොත මූලස්ථානයේදී පෙරේදා (01 වැනිදා) පවත්වනු ලැබූ එජාප 54 වැනි වාර්ෂික මහා සම්මේලනයේදී බහුතර බලයෙන් සම්මත විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් සම්මේලනයට අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර ඊට එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විරුද්ධත්වය ප්‍රකාශ කළද පවත්වනු ලැබූ ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 4978 ක් ද විරුද්ධව ඡන්ද 337 ක් ද ප්‍රකාශ වූ බව පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සම්මේලනයට දැන්වීය.
පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් වන සංශෝධන යෝජනාව සම්මේලනයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැගී සිටි නායක රනිල් වික්‍රමසිංහ මහතා යෝජනාවට පක්ෂ නම් අසුන්වලින් නැගී සිට අත් ඔසවන ලෙස ද යෝජනාවට විරුද්ධ වන්නේ එම අසුන්වල වාඩි වී සිටින ලෙස පැවසීය.
එහිදී යෝජනාවට පක්ෂව එජාපයේ ප්‍රධාන නායකයන් රැසක් අසුන්වලින් නැගී සිටි අතර ඊට විරුද්ධ බව හඟවමින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ආසනයෙහි වාඩි වී සිටියේය.
සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරමින් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා දෙවැනි පෙළ ආසනයක අසුන්ගෙන සිටි අතර ඉදිරි පෙළ ආසනයක කෙළවරෙහි සිටි හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද එසේ සිටියේය.
පසුව යෝජනාවට විරුද්ධ වන්නේ නම් ආසනවලින් නැගී සිටින්නැයි රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශ කළ විට නායකත්වය දීර්ඝ කිරීමට විරුද්ධව සජිත් ප්‍රේමදාස මහතා නැගී සිටි අතර බුද්ධික පතිරණ, කරු ජයසූරිය යන මහත්වරු ද නැගී සිටිනු දක්නට ලැබිණි.
එවිට සම්මේලනයට සහභාගි වී සිටි සාමාජිකයන්ගෙන් බහුතර පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව කෑකෝ ගසන්නට විය.
මෙහිදී කතා කළ රනිල් වික්‍රමසිංහ මහතා – කරුණාකරලා නිශ්ශබ්ද වන්න. යෝජනාවට විරුද්ධව ඡන්දය දෙන්න එතුමාට අවස්ථාව දෙන්න යෑයි පැවසීය.
යෝජනාවට විරුද්ධත්වය දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා එහිදී මගේ හෘද සාක්ෂියට එකඟව නායකත්වය වසර හයක් දීර්ඝ කිරීමට විරුද්ධව ඡන්දය දෙනවා යෑයි කීය.
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා – බහුතරය දැන් යෝජනාවට පක්ෂව ඡන්දය දීලා තිබෙනවා යෑයි පැවසූ අතර සාමාජිකයන් එවිට ප්‍රීති ඝෝෂා නගන්නට විය.
පසුව “රැඩිකල් දේශපාලන ප්‍රකාශය” සම්මත කර ගැනීම ඒකමතිකව සිදුවිය. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ස්ථිර කරනු ලැබීය.
පසුව සම්මේලනය අමතා ගාමිණී ජයවික්‍රම, ජෝෂප් මයිකල් පෙරේරා, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, දයා ගමගේ, රවී කරුණානායක යන මහත්වරු ද පිළිවෙළින් අදහස් දැක්වූහ.
එජාප ව්‍යවස්ථාවේ 8 – (ෂ) වගන්තිය සංශෝධනය කරමින් පක්ෂ නායකත්වය වසර හයකින් දීර්ඝ කිරීම බහුතර බලයෙන් සම්මත වූ බව තිස්ස අත්තනායක මහතා සම්මේලනයට දැන්වීමෙන් පසු “අපි රනිල් රනිල් …. යනුවෙන් ජය ගීතයක් ද වාදනය කෙරිණි. එහිදී සියල්ලන්ම ආසනවලින් නැගිට අත්පොළසන් ලබාදුන් අතර සජිත් ප්‍රේමදාස මහතා ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සමඟ කිසියම් කතාබහක නියෑළිණි.
එජාප 54 වැනි වාර්ෂික සම්මේලනය ඊයේ (01 දා) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර පක්ෂයේ නායකයන්, ජ්‍යෙෂ්ඨයන්, සාමාජිකයන් රැසක් සහභාගි වූ අතර නියෝජිතයන් 6143 දෙනකුට ඊට ආරාධනය කර තිබිණි. ඉන් නියෝජිතයන් 5315 දෙනකු සම්මේලනයට සහභාගි වූ බව තිස්ස අත්තනායක මහතා කීය.
සම්මේලනය සඳහා විශේෂ ආරක්ෂාවක් සපයා තිබූ අතර එස්. ටී. එµa, පොලිස් සෙබළු ඒ සඳහා යොදවා තිබිණි. කැරැලි මර්දන අංශයේ සෙබළුන්ව ද කැඳවා තිබූ අතර සිරිකොත මූලස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක විණි.
Source: Divaina (Sri Lanka)