දෝෂාභියෝග යෝජනාවෙන් එල්ල කර තිබෙන විෂමාචාර චෝදනා තුනකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වැරදිකරු බවට තීරණය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවත් චෝදනා දෙකකින් ඇය නිදහස් කළාය.
දෝෂාභියෝග යෝජනාවේ අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14 ක් එල්ල කර තිබෙන අතර විෂමාචාර චෝදනා තුනකට ඇය වරදකරු වී ඇති බැවින් ඉතිරි චෝදනා නවයට ඇය වරදකරුද යන්න සොයාබැලීම නිරර්ථක ව්‍යායාමයක් බව ද විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
විශේෂ කාරක සභාව විසින් අගවිනිසුරුවරියට එරෙහි 01, 02, 03, 04 සහ 05 යන චෝදනා පිළිබඳ පළමුව විමර්ශනය කර ඇත. එහිදී ඉදිරිපත් වූ ලිත හා වාචික සාක්‍ෂි අනුව චෝදනා අංක 02 සහ 03 සම්බන්ධව අගවිනිසුරුවරිය වරදකරු කිරීමට තරම් කරුණු නොමැති බව විශේෂ කාරක සභාව තීරණය කර ඇත.
එහෙත් 01,04 සහ 05 යන විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ලිත හා වාචික සාක්‍ෂි අනුව අගවිනිසුරුවරිය එම චෝදනාවන්ට වරදකරු බව කාරක සභාව තීරණය කර ඇත.
විශේෂ කාරක සභාවේ තීරණය දැනුම්දීම සඳහා පෙරේදා (08 දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවකදී එම කාරක සභාවේ සාමාජික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ 01, 04 සහ 05 යන විෂමාචාර චෝදනාවන් ඔප්පු වී ඇති බැවින් එකී චෝදනාවන්ට අගවිනිසුරුවරිය වැරදිකරු බව පෙනී යන බවයි. එනිසා අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් බරපතළ විෂමාචාර චෝදනා මෙසේ ඔප්පු වී ඇතැයි කාරක සභාව තීරණය කළ බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරි මාසයක කාලයකින් පසුව මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාද කරන බව කීය. විවාදය අවසානයේදී කාරක සභා වාර්තාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත විය යුතු බවත් සම්මත වූ පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත වාර්තා කරන බවත් කී නිමල් සිරිපාල ද සිල්වා මහතා අගවිනිසුරු ධුරයෙන් ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ඉවත් කිරීම ජනාධිපතිවරයා විසින් ඉන්පසු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව සිදුකරනු ඇතැයි ද කීය.
ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට අවශ්‍ය නම් ඉදිරි මාසයක කාලය ඇතුළතදී අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්‌විය හැකි බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ඇයගේ තීරණයක් බව ද කීය.
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 117 දෙනකුගේ අත්සනින් යුතුව 78 (ආ) ස්‌ථාවර නියෝග යටතේ ජනාධිපතිවරයාට දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. ඉන්පසුව එම යෝජනාව නොවැම්බර් 06 දා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ අතර නොවැම්බර් 14 දා කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් එකී යෝජනාවේ සඳහන් චෝදනා විමර්ශනයට සාමාජිකයන් 11 දෙනකුගෙන් යුත් විශේෂ කාරක සභාවක් පත්කරන ලදී. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සභාපතිත්වය දරන එම කාරක සභාවට ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යන ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා සාමාජිකත්වය දැරූහ. විපක්‍ෂය වෙනුවෙන් ජෝන් අමරතුංග, ලක්‍ෂ්මන් කිරිඇල්ල යන එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ විජිත හේරත්, ද්‍රවිඩ ජාතික සන්ධානයේ ආර්. සම්පන්දන් යන මහත්වරු සාමාජිකත්වය දැරූහ.
මෙම විශේෂ කාරක සභාව නොවැම්බර් 14 දා පළමු වරට රැස් වූ අතර කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙසත් ලිත පිළිතුරු ලබාදෙන ලෙසත් අගවිනිසුරුවරියට එදින දැනුම් දෙන ලදී. ඒ අනුව නොවැම්බර් 21 දා අගවිනිසුරුවරිය විසින් විශේෂ කාරක සභාවට පිළිතුරක් ලබාදුන් අතර ඇය 23 දා කමිටුව ඉදිරියේ පළමුවරට පෙනී සිටියාය.
අනතුරුව දෙසැම්බර් 04, 05, 06 සහ 07 යන දිනවල විශේෂ කාරක සභාව රැස් වූ අතර මෙම කාරක සභාව කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි බව දන්වමින් අගවිනිසුරුවරිය සහ ඇගේ නීතිඥ කණ්‌ඩායම එදින කාරක සභාවෙන් ඉවත්ව ගියහ. පසුදා එනම් 07 වැනිදා කාරක සභාව අගවිනිසුරුවරිය සහ ඇගේ නීතිඥ කණ්‌ඩායම නොමැතිව විමර්ශන කටයුතු ආරම්භ කළ අතර එදින සවස් භාගයේදී විපක්‍ෂයේ සාමාජික පිරිස ද කාරක සභාව කෙරෙහි අවිශ්වාසය පළකරමින් ඉන් ඉවත්ව ගියහ. එහෙත් විපක්‍ෂයේ නියෝජිතයන් මෙන්ම අගවිනිසුරුවරිය හෝ ඇගේ නීතිඥයන් ද නොමැතිව ආණ්‌ඩු පක්‍ෂ සාමාජිකයන් පමණක් 07 වැනිදා මැදියම් රැය පසු වී 08 වැනිදා අලුයම 2 පමණ වනතුරු කාරක සභාවේ විමර්ශන කටයුතු පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කළහ.
එහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න යන මහත්වරුන්ද ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ද ඇතුළු සාක්‍ෂිකරුවන් 16 දෙනෙක් කමිටුව හමුවේ පෙනී සිට සාක්‍ෂි ඉදිරිපත් කළ අතර ලිත සාක්‍ෂි ලෙස ලිපි ලේඛන 136 ක් ද ඉදිරිපත් කර ඇත.
මෙම ලිත හා වාචික සාක්‍ෂි සලකා බැලූ කාරක සභාව පළමු චෝදනා පහෙන් තුනකට අගවිනිසුරුවරිය වැරදිකරු බවට තීන්දු කර ඇත.
අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා 14 අතුරින් ඇය වරදකරු කළ 01,04 සහ 05 යන චෝදනා ද නිදහස් කළ 02 සහ 03 යන චෝදනා ද පහත දැක්‌වේ.
1. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් වන සෙලින්කෝ ශ්‍රී රාම් කැපිටල් මැනේඡ්මන්ට්, ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් කම්පැනි සහ µsනෑන්ස් ඇන්ඩ් ගැරැන්ටි කම්පැනි ලිමිටඩ් යන සමාගම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් අයෑදුම්පත් අංක පිළිවෙළින් 262/2009, 191/2009 සහ 317/2009 දරන නඩු ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙනත් විනිසුරු මඬුල්ලක් විසින් විභාග කරමින් තිබියදී එකී නඩු එම විනිසුරු මඬුල්ලෙන් ඉවත් කර, තම අධිකරණයේ වැඩිදුර විභාගය සඳහා ගෙන එම නඩු විභාග කිරීමේ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් එම නඩුවල විෂයය වස්‌තුවක් වන්නා වූ සෙලින්කෝ නිවාස සහ දේපළ සමාගම නමින් හැඳින්වූ සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට් කම්පැනි ලිමිටඩ් සහ සෙලින්කෝ කොන්ඩොමිනියම් ලිමිටඩ් නමින් හැඳින්වූ වර්තමානයේ ටි්‍රලියම් රෙසිඩන්සිස් නමින් හඳුන්වනු ලබන ආයතනයට අයත්, කොළඹ 08, ඇල්විටිගල මාවතේ, අංක 153 දරන ස්‌ථානයේ පිහිටි, ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක 262/2009 දරන නඩුවේ දේපළ ලැයිස්‌තුවේ සඳහන් නිවාස ව්‍යාපෘතියෙන් අංක 2 සී/එµa2/පී4 සහ වරිපනම් අංක 153/1 -2/4 දරන නිවස ඔස්‌ටේ්‍රලියාවේ බටහිර ඔස්‌ටේ්‍රලියා 6016 හි, මවුන්ට් හෝතෝර්න් හි එජීනා වීදියේ, අංක 127 දරන ස්‌ථානයේ පදිංචි රේණුකා නිරංජලී බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනා විසින් ලබාදෙන ලද ප්‍රසිද්ධ නොතාරිස් කේ. බී අරෝෂි පෙරේරාගේ අංක 823 දරන විශේෂ ඇටර්නි බලපත්‍රය උපයෝගි කරගෙන රේණුකා නිරංජලී බණ්‌ඩාරනායක සහ කපිල රන්ජන් කරුණාරත්න යන දෙදෙනාගේ නමට මිලදී ගැනීමෙන්ද,
2. ඉහත කී දේපළ මිලදී ගැනීම සඳහා ගෙවීම් කිරීමේදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් 19,362,500 ක මුදලක් එම දේපළ මිලදී ගැනීමට පෙර එම දේපළ විකුණන ලද සිටි හවුසින් ඇන්ඩ් රියල් එස්‌ටේට් කම්පැනි ලිමිටඩ් සහ ටි්‍රලියම් රෙසිඩන්සීස් සමාගමට මුදලින් ගෙවීමෙන්ද,
3. එන්ඩීබී බැංකුවේ, කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි ශාඛාවේ 106450013024, 101000046737, 100002001360 සහ 100001014772 යන ගිණුම්වලට 2011 අප්‍රේල් 18 සිට 2012 මාර්තු 27 දින දක්‌වා කාලය තුළ රුපියල් මිලියන 34 ක පමණ විදේශීය මුදල් තැන්පත් කිරීමෙන් පසු එම තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබා දිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද,
4. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිණුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිණුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිණුම් විස්‌සකට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යමින් එකී තොරතුරු අධිකරණ නිලධාරියකු විසින් ලබා දිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීමෙන් ද,
5. දැනට කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරියේ පවතින වර්ෂ 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභා පනත යටතේ අල්ලස් සහ/ හෝ දූෂණ ක්‍රියාවලට අදාළ වරදවල් සම්බන්ධයෙන් නීති කෘත්‍යයන්වලට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරාණි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නීත්‍යනුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාඡ් කාරියවසම් මහතා සැකකරුවකු වන හෙයින්ද,
ඉහත කී අල්ලස් හෝ දූෂණ නඩුව විභාගවීමට නියමිත වූ එකී අධිකරණයේ මහෙස්‌ත්‍රාත්වරයා මාරු කිරීම්, විනය පාලනය සහ ඉවත් කිරීමේ බලතල පැවරී ඇති අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ධුරය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඈ (2) ව්‍යවස්‌ථාව අනුව එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය විසින් දරන හෙයින් ද,
එකී අධිකරණය විසින් පවත්වාගෙන යනු ලබන අධිකරණ වාර්තා, රෙජිස්‌ටර්
සහ වෙනත් ලේඛන පරීක්‍ෂා කිරීමේ බලතල අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරිය වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 111 ඌ(3) ව්‍යවස්‌ථාව යටතේ එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය වෙත පැවරී ඇති හෙයින්ද,
ඉහත කී ආකාරයට ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මියගේ නීත්‍යනුකූල ස්‌වාමිපුරුෂයා වන ප්‍රදීප් ගාමිණී සුරාඡ් කාරියවසම් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනාවලට අදාළ නීතිS කෘත්‍යය හේතුවෙන් අග්‍රවිනිශ්චයකාර ධුරයේ තවදුරටත් ක්‍රියා කිරීමට එකී ගරු (ආචාර්ය) උපතිස්‌ස අතපත්තු බණ්‌ඩාරනායක වාසල මුදියන්සේ රාළහාමිලාගේ ශිරානි අංශුමාලා බණ්‌ඩාරනායක මහත්මිය නුසුදුස්‌සකු වන හෙයින්ද, අග්‍රවිනිශ්චයකාර ධුරයේ ඇය අඛණ්‌ඩව ක්‍රියා කිරීම හේතුවෙන් යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාදාමය ඉෂ්ට කිරීම සඳහා බාධාවක් වීම සහ යුක්‌තිය පසිඳලීම පිළිබඳ මූලික සිද්ධාන්ත එමගින් උල්ලංඝනය වන බැවින් සහ යුක්‌තිය ඉටුවීම පමණක් නොව යුක්‌තිය ඉටුවන බවට දෘශ්‍යමාන විය යුතු හෙයින්. (අජිත් අලහකෝන් – අකිත පෙරේරා)
Source: Divaina (Sri Lanka)