සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්රලියාව අතර හෝබාට්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 137 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ටේ්රලියානු කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඊයේ (18 දා) සමත්විය.
තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 393 ක අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවීමට පන්දුවාර 10 කුත් පන්දු 4 ක් ඉතිරිව තිබියදී ලකුණු 255 කට සීමා කිරීමට මිචෙල් ස්ටාර්ක් ප්රමුඛ ඔස්ටේ්රලියානු වේග පන්දු යවන්නෝ සමත්වූහ.
ලකුණු 65 කට කඩුලූ 2 ක් දැවී තිබියදී දිනය ඇරැඹූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීම සඳහා අවස්ථා දෙකකදී වර්ෂාවෙන් සහයක් ලැබුණු නමුත් දිනය තුළ යෑවීමට නියමිත වූ පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීම සඳහා එම තත්ත්වයද පාදක නොවීය.
ජයග්‍රහණයට වඩා ජය පැරදුමෙන් තොර අවසානයක් උදාකර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පිති හැසිරවූ නමුත් එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ සටන්කාමීත්වයට වඩා ඔස්ටේ්රලියානු පන්දු යවන්නන්ගේ සටන්කාමීත්වය ඉහළ තලයක පැවැතීම ඔස්ටේ්රලියානු ජයග්‍රහණයේ ප්‍රධාන රහස විය.
සිය ප්‍රධානම පන්දු යවන්නා වූ බෙන් හෙල්ෙµන්හස්ගේ සහාය නොමැති වුවද ඔස්ටේ්රලියානු පන්දු යවන්නෝ තම කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යැම ප්රශංසාත්මක කරුණක් වශයෙන් හැඳින්විය හැක.
දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ නායක මහේල ජයවර්ධන(18) වන අතර හෙතෙම සිඩ්ල්ගේ පන්දුවක් හමුවේ ක්ලාක් අතට උඩපන්දුවක් දී දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වඩාත් බලාපොරොත්තු සහිත පිතිකරුවා මෙන්ම ඔස්ටේ්රලියානු පිලේ හිසරදය බවට පත්ව සිටි කුමාර් සංගක්කාරවද ලකුණු 63 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කළ සිඩ්ල් ඔස්ටේ්රලියානු ජයග්‍රහණය සඳහා ප්‍රධානම අඩිතාලම දැමීමට සමත්වූවේය.
ධෛර්වන්ත පිතිහරඹයක නියෑලූණු තිලාන් සමරවීර(49) සහ ඇන්ජලෝ මැතිව්ස්(19) පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50 ක් එක් කළද ඔවුන් දෙදෙනාම සිඩ්ල්ගේ ගොදුරු බවට පත්විය.
සිය සහායකයා ලබා දුන් සාර්ථක ගමන් මගම අනුගමනය කරන ලද වමත් වේග පන්දු යවන්නා වූ මිචෙල් ස්ටාර්ක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පිතිකරුවන් 5 දෙනාම දවා ගැනීමට සමත්වීම විශේෂත්වයක් විය.
තරගයේ අවසන් පන්දුවාර 15 ආරම්භ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 248 කට කඩුලූ 8 ක් වශයෙන් සටහන්ව තිබූ නමුත් ස්ටාර්ක්ගේ සුපිරි පන්දු යෑවීම හමුවේ සිය ජයග්‍රහණය සනාථ කර ගැනීම සඳහා වැය වූයේ පන්දුවාර 4 කුත් තවත් පන්දු 2 ක් පමණි.
තරග ජයග්‍රහණය සඳහා ඔස්ටේ්රලියානු නායක මයිකල් ක්ලාක් සිය කණ්ඩායම මෙහෙයවන ලද ආකාරයද ප්‍රශංසනීය මට්ටමක පැවැතියේය. එහිදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මානසික ඒකාග්‍රතාව බිඳ දැමීම සඳහා ඔහු තම කණ්ඩායමේ කඩුලු රකින්නා වූ මැතිව් වේඩ්වද පන්දු යෑවීමට යොදා ගැනීම සුවිශේෂී විය. තේ පානයට පෙර යවන ලද අවසන් පන්දුවාරය වේඩ් විසින් ක්‍රියාත්මක කරන ලද අතර ඔහු වෙනුවට එම අවස්ථාවේදී කඩුලු රැකීමේ කාර්ය පිලිප් හියුස් විසින් සිදු කරනු ලැබීය. ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළදී තම හොඳම ටෙස්ට් තරග පන්දු යෑවීම සටහන් කරගත් පීටර් සිඩ්ල් (පළමු ඉනිමේ කඩුලූ 5 ක් සහ දෙවැනි ඉනිමේ කඩුලූ 4 ක් දවා ගනිමින් තරගය පුරාවට ලකුණු 104 කට කඩුලූ 9 ක්) තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන බොක්සිං දින හෙවත් ලබන 26 වැනිදා මෙල්බ_න් ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී ආරම්භ වේ.
තරගයේ වීරයා සම්මානය දිනූ පීටර් සිඩ්ල් ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරණාත්මක කඩුල්ල වූ කුමාර් සංගක්කාරව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගනිමින් දවා ගත් අවස්ථාව.
ලකුණු පුවරුව
ඔස්ටේ්රලියාව පළමු ඉනිම 450/5 යි.
ශ්‍රී ලංකාව පළමු ඉනිම 336 යි.
ඔස්ටේ්රලියාව දෙවැනි ඉනිම 278 යි.
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න ප.ස්ටාර්ක් 30
ටී. එම්. ඩිල්ෂාන් ඇ.වේඩ් ප.වොට්සන් 11
කුමාර් සංගක්කාර ක.මු.කළා ප.සිඩ්ල් 63
මහේල ජයවර්ධන ඇ.ක්ලාක් ප.සිඩ්ල් 19
තිලාන් සමරවීර ක.මු.කළා ප.සිඩ්ල් 49
ඇන්ජලෝ මැතිව්ස් ඇ.වේඩ්. ප.සිඩ්ල් 19
ප්‍රසන්න ජයවර්ධන ඇ.හසී ප.ස්ටාර්ක් 21
නුවන් කුලසේකර ඇ.වේඩ් ප.ස්ටාර්ක් 09
රංගන හේරත් ප.ස්ටාර්ක් 08
ශමින්ද එරංග ඇ.වේඩ් ප.ස්ටාර්ක් 06
චානක වෙලගෙදර නොදැවී 00
අතිරේක 20
එකතුව පන්දුවාර 119.2 කදී සියලූදෙනා දැවී 255
කඩුලූ වැටීම / 1-26, 2-47, 3-112, 4-151, 5-201, 6-218, 7-235, 8-247, 9-250
පන්දු යෑවීම / ස්ටාර්ක් 28.2-7-63-5 සිඩ්ල් 26-11-50-4 වොට්සන් 27-6-54-1 ලයන් 32-12-57-0 හසී 1-0-05-0 වෝනර් 4-0-08-0 වේඩ් 1-0-0-0
Source: Divaina (Sri Lanka)