පොන්ටින් පසුකර යැමට දෙවැනි ටෙස්‌ට්‌ තරගය මයිකල් ක්‌ලාක්‌ට අනිවාර්යයි

මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්‌ට්‌ තරගයට පෙර සිය ආබාධිත තත්ත්වය සුව අතට පත්වනු ඇති බව තමා විශ්වාස කරන බව ඔස්‌ටේ්‍රලියානු නායක මයිකල් ක්‌ලාක්‌ සඳහන් කර සිටියි.

ශ්‍රී ලංකා පිලට ලකුණු 137 ක පරාජයක්‌ හිමිවූ හෝබාට්‌හි ටෙස්‌ට්‌ තරගයේදී කලවයේ නහර ඇදීයැමේ ආබාධයකට මයිකල් ක්‌ලාක්‌ මුහුණ දුන් අතර ඔස්‌ටේ්‍රලියානු පිලේ භෞත චිකිත්සක ඇලෙක්‌ස්‌ කුන්ටූරි සඳහන් කර සිටියේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය මත බොහෝ දුරට මයිකල් කාල්ක්‌ට දෙවැනි ටෙස්‌ට්‌ තරගය අහිමිවීමේ අවධානමක්‌ පවතින බවයි.

පළමු ටෙස්‌ට්‌ තරගයේදී දැක්‌වූ දක්‍ෂතා මත ලොව ටෙස්‌ට්‌ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්‌ථානයට පැමිණීමට සමත්වූ ක්‌ලාක්‌ තම ආබාධය පිළිබඳව අදහස්‌ දක්‌වමින්, ‘තරගය ආරම්භ වීමට තවත් දින හත අටක්‌ ඉතිරිව තිබෙන නිසා මට විශ්වාසයි මගේ ආබාධිත තත්ත්වය සුව අතට හැරෙන බව. ඒ සඳහා මම මගේ උපරිම අවස්‌ථාවන් ලබාදෙනවා’ යනුවෙන් සඳහන් කර සිටියි.

ඔස්‌ටේ්‍රලියාව වෙනුවෙන් කැලැන්ඩර වසරක්‌ තුළදී පිතිකරුවකු රැස්‌ කර තිබෙන වැඩිම ලකුණු සංඛ්‍යාව වන 2005 වසරේදී රිකී පොන්ටින් වාර්තා කරන ලද ලකුණු 1544 ක වාර්තාව අභිබවා යැම සඳහා මයිකල් ක්‌ලාක්‌ට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 55 ක්‌ පමණි. ඒ සඳහා මයිකල් ක්‌ලාක්‌ට ඉතිරිව තිබෙන්නේ බොක්‌සිං දින(දෙසැම්බර් 26 දා) ආරම්භ වන ටෙස්‌ට්‌ තරගය වන අතර එම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව ගිලිහී ගියහොත් අදාළ විරල වාර්තාව තමාගේ නම ඉදිරියෙන් සටහන් කර ගැනීමට ක්‌ලාක්‌ට හිමි පහසුම අවස්‌ථාව ගිලිහී යනු ඇත.

දෙවැනි ටෙස්‌ට්‌ තරගය සඳහා නම් කරන කණ්‌ඩායමට මයිකල් ක්‌ලාක්‌ගේ නම ඇතුළත් වී තිබෙන අතර යම් ලෙසකින් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව නොලැබුණහොත් ඒ සඳහා ආදේශ ක්‍රීඩකයකු ලෙස උස්‌මාන් කවාජාව සංචිතයට එක්‌ කිරීමට ඔස්‌ටේ්‍රලියානු තේරීම් කමිටුව පියවර ගත්තේය.

Source: Divaina (Sri Lanka)