ශ්‍රී ලංකා හමුදාව ලක්ෂගණන් ද්‍රවිඩ ස්ත්‍රීන් හා පුරුෂයන් ඝාතනය කළ බවට මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්රාන්සස් හැරිසන් කළ ප්‍රකාශය ශ්‍රී ලංකා හමුදා බලධාරින් විසින් (20 දා) මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇත.
“ඇය 2004 දී මෙරටින් පිටව ගියා. කොටි සංවිධානයට යම්බන්ධ දසදෙනකු ලන්ඩනයේ සිට සැපයූ සාවද්‍ය තොරතුරු මත ප්රාන්සස් හැරිසන් හමුදාවට එරෙහිව මෙවන් සාවද්‍ය ප්‍රකාශ කර තිබෙනවා. මේ සාක්කිකරුවන් වන්නි මෙහෙයුම සමයේ කොතනක සිටියේද කියා හෙළි කරන්නැයි අපි අභියෝග කරනවා” යෑයි ජ්‍යෙෂඨ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සාක්කිකරුවන්ගෙන් එක් අයකුවන මුරුගන් නමැත්තා මුහුදු කොටි සාමාජිකයෙක්. ඔහු ප්‍රංශයට පැනගියා යෑයි එම නිලධාරියා කීවේය.
ප්රාන්සස් හැරිසන් ලියූ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි ග්‍රන්ථයේ ද්‍රවිඩ පරිවර්තනය චෙන්නායි නුවරදී එළි දක්වා ඇති අතර ඊට කොටි හිතවාදීන් රැසක්ද සහභාගි වී ඇත. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)