ඉන්දියානු ක්‍රිකට් පුරාණයේ බිහිවූ අති විශිෂ්ඨතම පිතිකරුවා හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් ලොවේ දැවැන්තම වාර්තා ගොන්නක හිමිකරුවා වන සචින් ටෙන්ඩුල්කාර් සිය ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙන බව ඊයේ (23 දා) නිල වශයෙන් නිවේදනය කළේය.
මේ වන විට 39 වැනි වියේ පසුවන සචින් ටෙන්ඩුල්කාර් තව සිව් මසකින් 40 වැනි උපන්දිනය සැමරීමට නියමිතව ඇත. එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීම හදිසියේ තීරණය කිරීමක් නොවන බව සිය සමුගැනීම ප්‍රකාශ කරමින් ටෙන්ඩුල්කාර් පවසා තිබේ.
“මගේ සමුගැනීම හදිසි තීරණයක් නෙමෙයි. මම ගොඩක් කල්පනා කරල තමයි මේ තීරණය ගත්තෙ. තේරීම් කමිටු නිලධාරීන් සමගත් බව දුරකථනයෙන් සාකච්ඡා කළා. නමුත් ඔවුන් මට කිව්වා 2015 ලෝක කුසලාන තරගාවලිය වෙනකම් ක්‍රීඩා කරන්න කියලා. එහෙත් ඉන්දියානු කණ්ඩායමට දැන් තරුණ දක්ෂ ක්රීඩකන් රාශියක් ඉන්නවා. ඔවුන් හොඳින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට හැඩ ගැසෙමින් සිටිනවා. ඒ නිසා 2015 ලෝක කුසලාන සඳහා හොඳ කණ්ඩායමක් සකසා ගැනීම වෙනුවෙන් මම තව ක්රීඩකයකුට අවස්ථාව දෙනවා. කොහොමත් මගේ ක්‍රිකට් ජීවිතයේ තිබුණම ලොකුම සිහිනය තමයි සමුගන්න ඉස්සල්ලා ඉන්දියාවට ලෝක කුසලාන ජයග්‍රහණයක් ගෙන දෙන්න. ඒ සිහිනය 2011 දී සැබෑ වුණා. දැන් මම සතුටින් සමුගන්නවා.” යනුනේ ටෙන්ඩුල්කාර් පවසා තිබේ.
ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා, වැඩිම එක්දින ශතක ලැබූ ක්‍රීඩකයා, වැඩිම එක්දින අර්ධ ශතක ලැබූ ක්‍රීඩකයා, වැඩිම එක්දින මුළු ලකුණු ලැබූ ක්‍රීඩකයා, එක්දින තරගයක පළමු ද්විත්ව ශතකය වාර්තා කළ ක්‍රීඩකයා වැනි ලෝක වාර්තා රාශියක්ම ටෙන්ඩුල්කාර්ගේ නම ඉදිරියේ සටහන් වේ. ටෙන්ඩුල්කාර්ගේ අදාළ දක්ෂතා හේතුවෙන් බොහෝ ඉන්දියානු ක්‍රිකට් රසිකයන් ඔහුව දෙවියකු ලෙස සලකනු ලබයි.
වයස අවුරුදු 17 දී පාකිස්තානයට එරෙහිව මංගල ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වූ සචින් ටෙන්ඩුල්කාර් එහිදී ලකුණු නොලබා දැවී ගියේය. අනතුරුව සිය 9 වැනි ජාත්‍යන්තර එක්දින තරගයේදී පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට ටෙන්ඩුල්කාර් සමත් වුවද සිය මංගල එක්දින ශතකය ලබා ගැනීම සඳහා වසර පහක් බලා සිටීමට සිදුවිය. සිය 79 වැනි එක්දින තරගයේදී ඔස්ටේ්රලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිය පළමු එක්දින ශතකය වාර්තා කිරීමට ටෙන්ඩුල්කාර් සමත් විය.
සිය ජාත්‍යන්තර එක්දින පිටියට සමුදෙන විට එක්දින තරග 463 කදී ලකුණු 18426 ක් වාර්තා කිරීමට සමත් වූ සචින් ටෙන්ඩුල්කාර් ඒ සඳහා ශතක 49 ක් සහ අර්ධ ශතක 96 ක් සිය නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් විය. එක්දින ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 44.83 ක් වැනි ඉහළ අගයක් ලෙස සටහන් කර ගැනීමට ටෙන්ඩුල්කාර් සමත්ව තිබේ.
අවසන් මාස නවයක කාලයක් පුරා ජාත්‍යන්තර එක්දින තරගයකට ක්‍රීඩා නොකළ සචින් සිය අවසන් එක්දින තරගයකට සහභාගි වූයේ ඉකුත් මාර්තු මස බංග්ලාදේශයේ පැවැති ආසියානු කුසලාන තරගාවලියටයි. එහිදී සිය අවසන් තරගයේදී පාකිස්තානයට එරෙහිව අර්ධ ශතකයක්ද (52) ඊට පෙර තරගයේදී බංග්ලාදේශයට එරෙහිව ශතකයක් (114) වාර්තා කිරීමට ඔහු සමත් විය.
(අසේල)
Source: Daily Mirror(Sri Lanka)