අගවිනිසුරුවරියට එරෙහිව ඇති දෝෂාභියෝගය පිළිබඳව අභියාචනාධිකරණය ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් කථානායකවරයා මෙම මස 08 වැනිදා ප්‍රකාශයක් කරනු ලබන බවත් එතෙක් රජයට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය. පාර්ලිමේන්තු සම්ප්රදායේ පවතින තත්ත්වය මෙතෙක් ක්‍රියාවට නැංවූ ආකාරයටවත්මන් කථානායකවරයා ක්‍රියා කර ඇතැයි ද එහිදී යම් යම් අභියෝග පැමිණ ඇතැයි ද කී ඒ මහතා ඒ පිළිබඳව කථානායකවරයා ප්රමුඛ පාර්ලිමේන්තුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ද ඊයේ (03 වැනිදා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුව බැවින් ඊට කථානායකවරයා යම් ප්‍රකාශයක් කරනු ඇති බවත්, ඉන් පසුව ආණ්ඩුව සිය මතය ප්‍රකාශ කරන බවත් කියා සිටියේය.
ආණ්ඩුව කටයුතු කර ඇත්තේ සම්පූර්ණයෙන් ම ව්‍යවස්ථාවට අනුකූලව යෑයි ද එමෙන්ම හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතා ද මේ පිළිබඳව පූර්ව මාර්ගෝපදේශ ලබා දී ඇතැයි ද කියා සිටියේය. (රනිල් ධර්මසේන)
Source: Divaina (Sri Lanka)