පුහුණුකරු තේරීමේ අවසන් වටයට බ්‍රසීලය, ජපානය සහ ඕලන්දයෙන්
ලබන මාර්තු මස පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන කුසලාන සහ ලබන සැප්තැම්බර් ඔක්තෝබර් සමයේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන ශූරතා තරගාවලිය ඉලක්ක කොටගෙන පිහිටුවන ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය ලබන අප්‍රේල් 1 දා සිට එතෙර පුහුණු විශේෂඥයකු යටතට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධි විධාන යොදා ඇත.
අදාළ විදෙස් පුහුණුකරු තෝරා ගැනීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවන අතර, ලැබී ඇති ඉල්ලුම් පත් අතුරෙන් බ්‍රසීල, ජපාන සහ ඕලන්ද ජාතික පුහුණුකරුවන් තිදෙනෙක් අවසාන පරීක්ෂණය සඳහා සුදුසුකම් ලබා සිටිති.
තෝරා ගනු ලබන පුහුණුකරුගේ මාසික ෙච්තනය මසකට අමෙරිකානු ඩොලර් 10,000/} ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1300000/} (පමණ) වේ.
අදාළ පුහුණුකරුගේ මාසික ෙච්තනය ක්‍රීඩා අමාත්‍යංශය විසින් දරනු ලබන අතර කණ්ඩායම් නඩත්තුව පාපන්දු සම්මේලනයට පවරා ඇති බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ‘දිවයින’ ට ඊයේ පැවසීය.
ජාතික සංචිතයෙන් තෝරාගනු ලබන ක්‍රීඩකයන් 15 දෙනාගේ කණ්ඩායමේ සෑම සාමාජිකයකුටම 30,000/} ක මාසික ෙච්තනයක්, ඉදුම් හිටුම්, රැකියාද ලබාදෙන බව වැඩිදුරටත් පැවසූ ඇමැතිවරයා, “මේ පැකේජයේ වටිනාකම රුපියල් 80,000/} ක් වෙනවා. ක්‍රීඩකයන්ට තියෙන්නේ පූර්ණ කාලීනව අවුරුද්දක් µqට්බෝල් ගහන්න. වැඩිදුර පුහුණුව සඳහා එම වසර හතර ඇතුළත එතෙර පුහුණු තරගාවලි හතරක්ද අනිවාර්ය කර තිබෙනවා” යි ද පැවැසීය.
තෝරාගනු ලබන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සමීපතම අභියෝගය ලබන මාර්තු අවසන් සතියේ පැවැත්වෙන ආසියානු පාපන්දු සම්මේලන කුසලාන ‘ඩී’ කාණ්ඩ තරගාවලිය වේ.
ලාඕසය, ඇµaගනිස්තානය සහ මොංගෝලියාව එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වන අතර ‘සී’ කාණ්ඩයේ තරග ලාඕසයේ ටියෑන්ටියන් නගර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
‘ඒ’, ‘බී’, ‘සී’, ‘ඩී’, ‘ඊ’ වශයෙන් කාණ්ඩ පහක් යටතේ ආසියාවේ පාපන්දු ඌණ සංවර්ධිත කණ්ඩායම් 20 ක් සඳහා මෙම තරගාවලිය සූදානම් කර ඇති අතර එය, ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති බින් හමාම් මහතාගේ සංකල්පයකි.
ලබන සැප්තැම්බර්/ඔක්තෝබර් සමයේ නේපාලයේ කත්මන්දු නුවර පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියට ඇµaගනිස්තානය, බංග්ලාදේශය, භූටානය, ඉන්දියාව, පාකිස්තානය, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සහභාගි වනු ඇත. (අසෝක ගුණතිලක)
Source: Divaina (Sri Lanka)