අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විමසා බැලූ කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් විවාදය කලින් යොදාගත් පරිදි අද (10) සහ හෙට (11) පැවැත්වීමට ඊයේ (9) පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණයකර තිබේ.
ඒ අනුව දෝෂාභියෝගය පිළිබඳ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වෙන අතර ඒ පිළිබඳව ඡන්ද විමසීම හෙට පස්වරු 6.30 ට පැවැත්වේ.
දෝෂාභියෝග වාර්තාව ශුන්‍ය කරන බවට අධිකරණ නියෝගයක් ලබාදී තිබියදී ඒ පිළිබඳ වාද කළ නොහැකි බව විපක්ෂයේ පක්ෂ නායකයන් මෙහිදී අවධාරණය කර ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු සහ පිටස්තර ආයතනයකට මැදිහත්වීමේ හැකියාවක් නොමැති බවට කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති අතර එය අනුගමනය කරමින් විවාදය පැවැත්වීමට හැකියාව පවතින බවට ප්‍රකාශකර ඇති පාර්ලිමේන්තුවේ සභානායක ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා විපක්ෂයේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.
දෝෂාභියෝගය සම්බන්ධයෙන් අද සහ හෙට පැවැත්වෙන විවාදයට එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය පක්ෂ නායක රැස්වීමේදී එකගතාවය පළකර ඇතැයිද වාර්තා වෙයි. එමෙන්ම මෙම විවාදය රූපවාහිනිය මගින් සජීවීව විකාශය කරන්නැයි විපක්ෂයේ නියෝජිතයෝ පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති අතර ඊට ආණ්ඩු පක්ෂ එකගතාව පළකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් වාර්තා වෙයි.
Source: Dinamina (Sri Lanka)