සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නµSක් නමැති ශ්රී ලාංකික තරුණියගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්රිකුණාමලය, මුතූර් ඇතුළු ප්රදේශවල ජනතාව දහස් ගණනක් ඊයේ (10 වැනිදා) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්රකාශ කළහ.
ජීවිතය බේරා දෙන ලෙස මුළු ලෝකයම ඉල්ලා සිටියදී සෞදි අරාබියේ ශාරියා නීතියට අනුව මරණ දඬුවම නියම වූ රිසානාගේ නිවසට අප ගියේ පෙරේදා (9 දා) ය. ඒ යනවිටත් දියණිය අහිමිවීමේ ශෝකය දරාගත නොහැකිව වැළපෙන රිසානාගේ මවගේ හඬ දසත රැව් දුන්නේය.
ඇයගේ විලාපය මුළු ත්රිකුණාමලයම කම්පා කරවූයේය. එම නිවසට පැමිණි සියලු දෙනාගේම නෙත්වලින් කඳුළු කැට කඩා වැටුණි.
රිසානා ගෘහ සේවිකාවක ලෙස 2004 වසරේ සෞදි අරාබියට ගියේ තම පවුලේ දිළිඳුකම නිසාය. එවකට ඇය 17 හැවිරිදි වියේ පසු වූවාය. සෞදියේදී ඇය බලාගත් දැරියට කිරි පෙවීමට යැමේදී කිරි පිට උගුරේ සිර වී දැරිය මියගියාය. මේ මරණය ගැන රිසානා සෞදි පොලිසියට කටඋත්තරයක්ද දී තිබිණි.
නමුත් භාෂාමය ප්රශ්න මත ඇයගේ කටඋත්තරය වැරැදි ලෙස ලියාගත් සෞදි පොලිසිය ඇයට කළ බලපෑම් පිළිබඳවද පසුව වාර්තා විය.
මේ මරණය පිළිබඳ නඩු විභාගයෙන් පසු සෞදි අධිකරණය මගින් රිසානාට මරණ දඬුවම ලබාදෙන ලදී. විවිධ පුද්ගලයින් ඉල්ලීම් කළත් සෞදි නීතියට අනුව ඇයට සමාවක් නොලැබුණි.
රිසානාගේ නිවසට යන ඕනෑම කෙනෙකුට දක්නට ලැබෙන්නේ දරුවන් සිව්දෙනකු සමඟ දිළිඳු පැල්පතක කටුක දිවියක් ගෙවන දරු පවුලකි.
මුතුර් සාµsනගර් ප්රදේශයම මේ වන විට එකම මළ ගමක් වී ඇත. රිසානාගේ මව µරිනා හෂික් (43) අප සමඟ පැවසුවේ තම දියණිය රිසානා ගෙනත් දෙන බවට හැමෝම තමන්ව රැවටූ බවයි. අඩුම ගණනේ තම දියණියගේ මළ කඳවත් ගෙනත් දෙන්නැයි ඇය ආයාචනා කර සිටින්නීය.
රිසානාගේ පියා උණ රෝගය වැළඳී මීට දින කීපයකට පෙර සිට මුතුර් රෝහලේ ප්රතිකාර ලබමින් පසුවේ. ඇයගේ එකම මල්ලී වන එස්. රිµaකාන් අප සමඟ මෙසේ පැවැසීය.
මගේ අක්කා සෞදි යන විට මම ඉතා කුඩායි. අක්කව මට මතක නැහැ. අක්කා රට ගියේ තාත්තා දුක්විඳිනව බලන් ඉන්න බැරි නිසයි. අපි හිතුවේ අපිට අක්කාව දකින්න පුළුවන් වෙයි කියලා. නමුත් අක්කට මෙහෙම දෙයක් වෙයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ. අනේ අපිට අක්කගේ මළකඳවත් ලබාදෙන්න උදව් වෙන්න.
අසරණ රිසානා අද ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය. ඒ සඳහා වගකිවයුතු රටේ ආයතන හා පුද්ගලයන් මේ අහිංසකයන්ගේ ඉල්ලීම ඉටුකරනු ඇතැයි කවුරුත් අපේක්ෂාවෙන් සිටිති. තවත් රිසානාලාව මෙවන් ගොදුරු නොකිරීමට බලධාරීන් වග බලාගත යුතු යෑයි රිසානාගේ නිවසේදී බොහෝ දෙනා අප සමඟ පැවසූහ.
Source: Divaina (Sri Lanka)
Image courtesy of Divaina (Sri Lanka)