සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ්රලියාව අතර තරග 5 කිsන් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියේ පස්වැනි තරගය හෙවත් දෙපිළටම තීරණාත්මක වූ අවසන් එක්දින තරගය අද හෝබාර්ට් බෙලිරිව් ඕවල් ක්රීඩාංගණයේදී පැවැත්වේ. දිවා/රාත්රී තරගයක් වන මෙම තරගය ශ්රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.00 ට ආරම්භ වනු ඇත.
තරගතීරකයන්, විනිසුරුවන් සහ ක්රීඩාංගණ භාර නිලධාරීන්ගේ උදාසීනභාවය මත සිඩ්නි හි පැවැති තරගය නොපැවැත්වුවද තරගාවලිය ජය ගැනීම වෙනුවෙන් ශ්රී ලංකා කණ්ඩායමටත් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔස්ටේ්රලියානු කණ්ඩායමට මෙම තරගය ඉතාමත් තීරණාත්මක වනු ඇත.
සත්කාරක කණ්ඩායම වුවද ඔස්ටේ්රලියාවට වඩා දක්ෂතා අතින් ඉහළින් සිටින ශ්රී ලංකා කණ්ඩායම අද තරගය ජය ගැනීමට සමත් වුවත් මෙම තරගාවලි ජයග්රහණය ඓතිහාසික තරගාවලි ජයක් ලෙස සටහන් වනු ඇත. ඔස්ටේ්රලියානු පිලට එරෙහිව ඔවුන්ගේ මව්බිමේදී ද්වී පාර්ශ්වික එක්දින තරගාවලි දෙකක් ජය ගැනීමට මෙතෙක් ලොව කිසිදු කණ්ඩායමක් සමත් වී නොමැති නමුත් ඒ ආසන්නයටම පැමිණ සිටින ශ්රී ලංකාව අද තරගය ජයගතහොත් එම ඓතිහාසික ජයග්රහණයට උරුමකම් කියනු ඇත.
මහේල ජයවර්ධන සිය නායකත්වයෙන් සමුගන්නා අවසන් එක්දින තරගය අද වන අතර ඒ සඳහා තමා ඇතුළු කණ්ඩායම ජයග්රාහීව සැමරීමට ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව මහේල පවසයි., “අපේ කණ්ඩායමට නවක ක්රීඩකයන් කිහිප දෙනකු මේ වන විට හඳුනා ගැනීමට පුළුවන් වෙලා ඉන්නවා. චන්දි, තිරි සහ ඇන්ජි 2015 ලෝක කුසලාන සඳහා හොඳින් සූදානම් වේවි. ඔවුන් මේ දවස්වල අත්දැකීම් ලබාගනිමින් ක්රීඩා කරනවා. ඒ වගේම මේ තරගාවලිය ජය ගන්න අපිට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා ඉතාමත් උනන්දුවෙන් අපේ කොල්ලො ටික බලාගෙන ඉන්නවා.” යනුවෙන් මහේල පවසයි.
යම් ලෙසකින් මෙම තරගය වර්ෂාව මත නොපැවැත්වුවහොත් එහිදී වාසිය හිමි වන්නේද ශ්රී ලංකා කණ්ඩායමට වන බැවින්, සිඩ්නි තරගයට සාපේක්ෂව කෙතරම් වැසි ඇද වැටුණද අද තරගය පැවැත්වීම සඳහා ගත හැකි සියලුම උත්සාහයන් පෙර තරගය නොපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබූ ඉහතින් සඳහන් කරන ලද නිලධාරීන් සියලු දෙනාම කටයුතු කරනු ඇතැයි අනුමාන කෙරේ.
ඔස්ටේ්රලියාවේ ඇති ක්රීඩාංගණ අතුරින් වේග පන්දු යවන්නන්ට වාසිදායකම තණතීරුවක් ලෙස හැඳින්වෙන බෙල§රිව් ඕවල් තණතීරුවේ තරග වැදීම ප්රභල වේග පන්දු යවන්නන් සතු වන ඔස්ටේ්රලියානු පිලට අතිරේක වාසියක් වන නමුත් මෙහි පැවැති පළමු ටෙස්ට් තරගයේ නොතිබූ ජවයක් ශ්රී ලංකා වේග පන්දු යවන්නන් මේ වන විට දැක්වීම මත තරගයේ වාසිය දෙපැත්තට දෝලනය වීමේ හැකියාවක් ඇත.(චමිල කරවිට)
Source: Divaina (Sri Lanka)