ආණ්ඩුවේ සහ විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් ඔවුන්ගේ නම් වලින් පිහිටුවාගෙන ඇති සමාජ සත්කාරක ආයතන (පදනම්) මගින් මහා පරිමාණ මූල්‍ය වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇතැම් පදනම් මගින් රුපියල් කෝටි ගණනක් වංචා කර ඇති බව ජනාධිපති විමර්ශන ඒකකය මෙතෙක් සිදුකළ පරීක්ෂණවලින් හෙළිකර ගෙන තිබේ.
ප්‍රාදේශීය දේශපාලනඥයන් විවිධ හේතු දක්වා ඔවුන්ගේ පදනම්වලට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලබා ගන්නා මුදල් විශාල වශයෙන් මෙලෙස වංචනික ලෙස ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන තිබේ.
ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරු එම ආයතනවල ටෙන්ඩර් ලබාදීමේදී ඉන් ලැබෙන ලාභයෙන් කොටසක් පදනමට බැර කරන ලෙස ටෙන්ඩර්කරුවන්ට බලපෑම් කර තිබෙන අතර මෙවැනි පැමිණිලි කිහිපයක් මේ වන විට විමර්ශන ඒකකය වෙත ලැබී ඇත.
ටෙන්ඩර්වලින් ලැබෙන ලාභ මුදල් පදනමට බැර නොකරන්නේ නම් මින් ඉදිරියට කිසිදු ටෙන්ඩරයක් ලබා නොදෙන බවට ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරු ටෙන්ඩර් හිමිකරුවන්ට තර්ජනය කරමින් බලහත්කාරයෙන් මුදල් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ.
කිසිදු සමාජ සේවයක් නොකර මෙවැනි හොර පදනම් පවත්වාගෙන යන දේශපාලනඥයන් පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් එවැනි තොරතුරක් ඇතොත් ඒ බව ජනාධිපති විමර්ශන ඒකකය වෙත දන්වන ලෙසත් ජනතාවගෙන් විවෘත ඉල්ලීමක් කර සිටින බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවැසීය. (නෝමන් පලිහවඩන)
Source: Divaina (Sri Lanka)