විස්‌සයි-20 සටන අද සිඩ්නි නුවරින් ඇරඹේ

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඔස්‌ටේ්‍රලියානු තරග සංචාරයේ අවසන් තරග අදියර හෙවත් තරග 2 කින් සමන්විත පන්දුවාර විස්‌සයි-20 ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (26 දා) සිඩ්නිs ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ටෙස්‌ට්‌ තරගාවලියෙන් 3-0 ක්‌ ලෙස පරාජය ලැබුවද එක්‌දින තරගාවලියේදී සත්කාරක ඔස්‌ටේ්‍රලියානු පිලට ප්‍රබල අභියෝගයක්‌ එල්ල කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම අද තරගයට සහභාගිවනු ලබන්නේ විස්‌සයි-20 ලෝක කුසලාන අනුශූරයන් ලෙසිනි. ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලියට ක්‍රීඩා කරන ලද කණ්‌ඩායමේ ක්‍රීඩකයන් 6 දෙනෙකු සමගින් මෙම තරගයට පිවිසෙන ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම ආධුනික ක්‍රීඩක ජෝඡ් බෙයිලිගේ නායකත්වය යටතේ තරග වදිනු ඇත.

ඇන්ජලෝ මැතිව්ස්‌ගේ නායකත්වය යටතේ පන්දුවාර විස්‌සයි-20 තරග අංශයට සහභාගිවනු ලබන ශ්‍රී ලංකා කණ්‌ඩායමට කුමාර් සංගක්‌කාර හැර අවසන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයන් සියල්ලන්ම පාහේ ඇතුළත්ව සිටීම කණ්‌ඩායමේ මානසිකත්වය වර්ධනය කරන්නකි.

ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රියාත්මක බිග් බෑෂ් තරගාවලියේදී දක්‍ෂතා දක්‌වන ලද ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද සමගින් 12 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ඔස්‌ටේ්‍රලියානු තේරීම් කමිටුව විසින් පත් කර තිබෙන අතර ඒ අතර විස්‌සයි-20 විශේෂඥ පිතිකරුවකු වන ෂෝන් මාෂ් ඇතුළත් වී සිටියි. 2011 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහි පිතිකරුවකු ලෙස සාර්ථකවූ මාෂ් ගතවූ මාස 12 ක කාලයක්‌ තුළ ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ වරම අහිමි වූ ක්‍රීඩකයෙකි.

කණ්‌ඩායම සංසන්දනය කිරීමේදී ඔස්‌ටේ්‍රලියාවට වඩා පැහැදිළිවම ශ්‍රී ලංකා කණ්‌ඩායම ඉදිරියෙන් පසු වුවත් සිය දේශීය තත්ත්වයන් යටතේ තරග වැදීම ඔස්‌ටේ්‍රලියානු පිල සතු වන ප්‍රධානම අවිය වේ. නම් කරන ලද කණ්‌ඩායමට වේගයෙන් පන්දුවට පහර දෙනු ලබන ක්‍රීඩකයකු වන ඩේවිඩ් වෝනර්ද ඇතුළත් වී සිටින බැවින් ඔහුව ඉක්‌මනින් දවා ගැනීම ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඉතාමත් සුබදායක වනු ඇත.

ඒ සම්බන්ධව අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්‌, ඔස්‌ටේ්‍රලියානුවන්ට එරෙහිව වූ සැලසුම් සකස්‌ කිරීමේදී තනි ක්‍රීඩකයකු පමණක්‌ නොව මුළු කණ්‌ඩායමටම එරෙහිව අවධානය යොමු කර සිටින බවයි.

zකණ්‌ඩායමක්‌ ලෙස ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කරනවා. ඔවුන්ගේ පිතිකරුවන් 7 දෙනෙකු පමණ සිටිනවා. එහිදී අපි එක්‌ ක්‍රීඩකයකු පිළිබඳව විතරක්‌ සැලසුම් සකස්‌ කරන්නේ නැහැ. අපි කණ්‌ඩායමේ සෑම ක්‍රීඩකයකු පිළිබඳවම හොඳ අවධානයකින් සිටිනවාZ යනුවෙන් සඳහන් කළේය.

එක්‌දින තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සිය උපරිම දක්‍ෂතා දැක්‌වීමද ඔස්‌ටේ්‍රලියානු පිතිකරුවන්ගේ මනසින් තවමත් තුරන් වී නැති කරුණක්‌ වනු ඇත. එහිදී අද තරගයේදී ද කුලසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් නිසි දෝලනයකින් යුක්‌තව පන්දු යෑවීමට සමත් වුවහොත් මෙම තරගයේ වැඩි වාසි ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු කර ගැනීමට පහසු වනු ඇත.

zඅපි කණ්‌ඩායමක්‌ ලෙස එක්‌දින තරගාවලියේදී ඉතා හොඳින් කළා. ඒ ලබා ගත් දක්‍ෂතා මේ තරගාවලියේදීත් පවත්වාගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවාZ යනුවෙන් මැතිව්ස්‌ සඳහන් කළේය.

දෙරට අතර විස්‌සයි-20 තරග ඉතිහාසය ගෙන බැලීමේදී ද ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාවට වඩා ඉදිරියෙන් පසුවනු ඇත. මෙතෙක්‌ අවස්‌ථා 6 කදී දෙරට මුණගැසී තිබෙන අතර එහිදී සිව් වතාවක්‌ ඔස්‌ටේ්‍රලියාව පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වී තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා කණ්‌ඩායමක්‌ ඔස්‌ටේ්‍රලියාව සමග ඔස්‌ටේ්‍රලියාවේදී තරග වැදුණේ 2010 වසරේ පර්ත්හි වකා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී වන අතර එම තරගයද ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වූවේය.

අද තරගයේදී අජන්ත මෙන්ඩිස්‌ සහ ආධුනික දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ක්‍රීඩා කිරීමේදී වැඩි අවස්‌ථාවක්‌ පවතිනු ලබන්නේ සිඩ්නි තණතීරුව දඟ පන්දු යවන්නන්ට දක්‌වනු ලබන සහයෝගය නිසාවෙනි. බිග් බෑෂ් තරගාවලියට ක්‍රීඩා කරන ලද ලසිත් මාලිංග එහිදී කැපී පෙනෙන පන්දු යවන්නකු වූ අතර අද තරගයේදී ද ඔහු සිය උපරිම දක්‍ෂතා දැක්‌වුව හොත් මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිලට වැඩි අවස්‌ථාවක්‌ පවතිනු ඇත.

අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්‍ෂිත කණ්‌ඩායම් මෙසේය.

ශ්‍රී ලංකාව / ටී. එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), ළහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්‌, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, අකිල ධනංජය.

ඔස්‌ටේ්‍රලියාව / ඩේවිඩ් වෝනර්, ඇරන් µsන්ච්, ෂෝන් මාෂ්, ඇඩම් වෝග්ස්‌, ජෝඡ් බෙයිල් (නායක), මැතිව් වේඩ්, ග්ලෙන් මැක්‌ස්‌වේ, බැන් කටින්, ඡේම්ස්‌ ෙµdaල්ක්‌බර්, මිචෙල් ස්‌ටාර්ක්‌, ක්‍ෂේවියර් ඩොහර්ටි.

Source: Divaina (Sri Lanka)