අම්පාර ප්‍රදේශය ආශ්‍රිතව නැවත භූ චලන තත්ත්වයක් ඇති වීම පිළිබඳ සොයා බැලීමට පර්යේෂණ කණ්ඩායමක් ඉදිරි දින කීපයේ දී පිටත්කර හරින බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී විජයානන්ද මහතා පැවසීය.
එම ප්‍රදේශයන්හි පවතින අයහපත් කාළගුණ තත්ත්වය එම කණ්ඩායම යැවීම ප්‍රමාදවීමට හේතු වී ඇති බවද ප්‍රකාශ කරන ඒ මහතා මීට පෙර ඇති වූ භූ චලන තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම සඳහා සවි කළ ජංගම භූ විද්‍යා උපකරණයක් තවමත් එම ප්‍රදේශයේ තිබෙන බව ද ප්‍රකාශ කළේය.
පසුගිය 25 දා ඇති වූ භූ චලන රිච්ටර් මාපකයේ 2.7 හා 3.2 වශයෙන් සටහන් වී ඇත. මේ භූ චලන තත්ත්වයන් ද පෙර ඇති වූ භු චලනයන්ට සමාන බව පෙන්වා දෙන ආචාර්ය එන්.පී. විජයානන්ද මහතා මේ පිළිබඳ නිශ්චිත මතයක් තවම ප්‍රකාශ කළ නොහැකි යයිද කීය.
මේ තත්ත්වය මිනිස් ක්‍රියා කාරීත්වයක ප්‍රත්ඵලයක් විය හැකිබවට සැකය දිගටම පවතින බවද ඒ මහතා පැවසීය. (උපාලි කරුණාරත්න)
Source: Dinamina (Sri Lanka)