අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී විකාර ඇමැති මණ්ඩලයත් ඔවුන්ගේ පවුල්වල බරත් සාමාන්‍ය ජනතාවට දරන්න සිදුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
රාජපක්ෂ පාලනයට බැලමෙහෙවරකම් කරන මන්ත්‍රීවරුන්ට ඇමැතිකම් ලබාදෙන ආකාරය දෙස බැලූ කළ ඉදිරියේදී අල, පරිප්පු, හාල්, පොල්, බතල ඇමැතිවරුන් බිහිවුවහොත් එය පුදුමයට කාරණයක් නොවන බවත් හෙතෙම පැවැසීය.
ඒ මහතා ඊයේ (29 වැනිදා) එම අදහස් පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද පැවැසීය.
විනෝද කටයුතු ඇමැති පදවියකුත් පත්කරලා. ජනතාවට කෙසේ වෙතත් ජයරත්න හේරත් මහතාට ඒ ඇමැතිකමින් විනෝද වෙන්න පුළුවන්. පිරිහෙන, ගරා වැටෙන පවුල් පාලනය ආරක්ෂා කරගන්න කඩේ යන පුද්ගලයන්ට ඇමැති පදවි ලබාදෙනවා හැර වෙන කිසිදු වුවමනාවක් මෙම පත්කිරීම් ඇතුළේ නැහැ.
නව පත්කිරීමත් සමඟ ජනාධිපති, අගමැති ඇතුළුව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු 67 ක් ඉන්නවා. ඊට අමතරව සියලු වරප්‍රසාද සහිතව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු 28 දෙනෙක් ඉන්නවා. මෙම ඇමැතිවරුන් 69 දෙනාට කාර්ය මණ්ඩලය 1035 දෙනකු ඉන්නවා. නියෝජ්‍ය ඇමැතිවරු 28 දෙනාට කාර්ය මණ්ඩලය 280 ක් ඉන්නවා. මෙම ඇමැතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සංයුක්ත වන්නේ බිරින්දැවරුන්ගෙන්, සහෝදර සහෝදරියන් ඇතුළු ඥති පරපුරෙන්. ඔවුන්ට රැකියා අවස්ථා ලබාදෙන්න මෙය හොඳ අවස්ථාවක්. වාහන නිල නිවාස ඉන්ධන වියදම් ඇතුළුÊසියලු පහසුකම් මේ අය වෙනුවෙන් ලබා දෙනවා. ඒ සියලු පහසුකම්වල බර ජනතාව මත පැටවෙනවා. එම වියදම් පියවා ගන්නේ ජනතාව ගෙවන බදු මුදල්වලින්, විකාර ඇමැති මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල බර ජනතාවට දරන්න වෙනවා. මේ අතරතුර තමයි, අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අධික ලෙස වැඩිවෙමින් තිබෙන්නේ.
සාමාන්‍යයෙන් රටක ආර්ථික සංවර්ධන ඉලක්ක කරගනිමින් තමයි අමාත්‍ය මණ්ඩලය පත්කරනු ලබන්නේ. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේදී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කළ යුතු වෙනවා. රටක සමාජ සංවර්ධනය, භෞතික සංවර්ධනය ඉලක්ක කරගනිමින් තමයි එම විද්‍යාත්මක ක්‍රමවේදය සකස් කළ යුත්තේ. නමුත් අපේ රටේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේ එවැනි කිසිදු විද්‍යාත්මක පදනමක් අනුගමනය කරන්නේ නැහැ. රාජපක්ෂ පවුලට බැලමෙහෙවරකම් කරන අයට ඇමැතිකම් ලබාදීම තමයි මේ ආණ්ඩුවේ එකම පදනම වෙන්නේ. එයින් රටේ ජනතාවට අහිතකර බලපෑම් එල්ල වෙලා තිබෙනවා.
ආණ්ඩුවේ අය දැනටමත් විවිධ කරුණු ඉදිරිපත් කරමින් ඉන්නවා මේ ඇමැති මණ්ඩලයේ පත්කිරීම් ගැන. කෙසේ වුවත් මේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීම පවුල් පාලනයට ආවඩන කේවට්ට කම් කරන, කඩේ යන, අයට ඇමැතිකම් දීමට සිදුකරපු පත්කිරීමක්. පසුගිය වර පත්කළ ඇමැති මණ්ඩලයත් එහෙම එකක්. වන සංරක්ෂණය එක ඇමැතිවරයෙකුටත්. වන ජීවීන් තව ඇමැතිවරයෙකුටත් භාර දුන්නා. මෙවරත් සත්තු ටික සොයිසා මහතාට දීලා කැලේ සුසිල් මහතාට බාර දුන්නා. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවයි මෙම පත්කිරීම සිදු කළේ. එවැනි ඇමැති මණ්ඩලයකින් කොහොමද රටක් සංවර්ධනය කරන්නේ. රට වළපල්ලට යන එක නවත්වන්න මේ ඇමැති මණ්ඩලයට පුළුවන්ද?
බලශක්ති අමාත්‍යාංශයත් ඇමැතිවරු ගණනාවකට වෙන්කර තිබෙනවා. දොaෂාභියෝග යෝජනාව භාර දුන්නු පවිත්‍රා මහත්මියට විදුලි බල අමාත්‍යාංශය බාර දීලා එයාගේ බලය වැඩි කළා. දොaෂාභියෝගය විභාගයට ලක්කළ තේරීම් කාරක සභාවේ සභාපති වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ඛනිජ තෙල් අමාත්‍යාංශය දීලා එයාගේ බලය වැඩි කළා. ඒ වෙලාවේ උදව් කරපු අය බලගන්වන්න තමයි මේ ඇමැති පදවි ටික දීලා තියෙන්නේ. නැතුව අපේ රටේ බල ශක්තිය වැඩි දියුණු කරන්න හෝ විද්‍යාත්මක පදනමින් ව්‍යාපෘති හදන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ. විදුලිබල අමාත්‍යාංශය යටතේ තිබූ පුනර්ජනීය බලශක්ති නිෂ්පාදනය පවිත්‍රා මහත්මියගෙන් ගලවලා සුසිල් ප්‍රේමජයන්ත මහතාට දීලා තියෙනවා. ඔහුගේ අමාත්‍යාංශය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයයි. මෙම අමාත්‍යාංශවල කෙටිකාලීන හෝ දිගු කාලීන ව්‍යාපෘති යෝජනා නැහැ. විකාර විගඩම් ඇමැති මණ්ඩලයක් බවට පත්වෙලා. ලෝකයේ ආශ්චර්යමත් විහිළුව බවට පත්වෙලා. ඇමැති මණ්ඩලය පත්කිරීමේදී අපේ රටේ භෞතික හෝ මානව සම්පත සංවර්ධනය පිළිබඳව කිසිදු තැකීමක් කර නැහැ.
හදිසියේ ඇමැති මණ්ඩලය සංශෝධනයක් ආණ්ඩුවට වුවමනා වුණේ ඇයි? ඇත්ත හේතුව ජනතාව දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. අමාත්‍යාංශ දුර්වල වෙලා හෝ ඇමැතිවරු අකාර්යක්ෂම නිසා හෝ නොවෙයි. සමහරුන්ගේ කොටස් අයින් කිරීමටත් සමහරුන්ගේ බලය වැඩි කිරීමටත් ආණ්ඩුවට වුවමනා වුණා. අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ අමාත්‍යාංශයෙන් කොටසක් ඉවත් කර අධ්‍යාපන සේවා යනුවෙන් නව කැබිනට් ඇමැති ධුරයක් හදලා තියෙනවා. එය දුමින්ද දිසානායක මහතාට බාර දෙනවා. පසුගිය දිනක කැබිනට් මණ්ඩලයේදී නිල ඇඳුම් බෙදාදීම සම්බන්ධයෙන් ගත් තීන්දුවකට බන්දුල ගුණවර්ධන මහතා තම විරෝධය පළකොට තිබෙනවා. එයට පිළිතුරක් වශයෙන් තමයි අධ්‍යාපන සේවා ඔහුගෙන් ඉවත් කරන්නේ.
Source: Divaina (Sri Lanka)