ජිනීවා සමුළුව සමයේ තවත් චැනල් ෆෝ නාඩගමක්‌!

ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙන සමයේ නෝ ෆයර් සෝන් (No Fire Zone) නමින් තවත් චැනල් ෆෝ වීඩියෝ පටයක්‌ විකාශනය කිරීමට සැලසුම් කර ඇත.ග

මෙයට අදාළ ප්‍රචාරන වීඩියෝ පටය පසුගිය ඉරිදා ලන්ඩන් නුවර සිට විකාශනය වී තිබේ.

මෙකී වීඩියෝ පටයෙන් පෙන්නුම් කිරීමට සැලසුම් කර ඇත්තේ වෙල්ලමුල්ලි වයික්‌කාල්හිදී 40,000 ක්‌ ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය වූ බවට සාවද්‍ය තොරතුරුයි.

මේ වීඩියෝ පටයට දායක වී ඇත්තේ කොටින්ගේ නිල ඡායාරූප ශිල්පියකු වූ බෙන්ජමින් ඩික්‌සි යෑයි හෙළිවී ඇත. (කීර්ති වර්ණකුලසූරිය)

Source: Divaina (Sri Lanka)