උතුම්වූ නිදහස අභිමානවත් නිදහස ජයගත් නිදහස අර්ථවත් කරන්නට ලන්ඩනයේ ප්‍රථමවරට සිදුකල විශාලතම ජාතික සංස්කෘතික උළෙල 2013 පෙබරවාරි 02 සවස 6.00 සිට හවුන්ස්ලෝ ලැම්ප්ටන් පාසලේදී ඉතා උත්කර්ෂවත් ලෙස සිදු විය. මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු වෛද්‍ය ක්‍රිස් නෝනිස් මැතිදූන්ගේ ප්‍රධානත්වයෙන් අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරධිපති පූජ්‍ය වඳුරඹ කස්සප හිමියන්ගේ පූර්ණ අනුශසකත්වයෙන් විහාරස්ථ දායකයන්ගේද දහම් පාසලේ දෙමාපියන්ගේ අනුග්‍රාහකත්වයෙන් මෙම දේශාභිමාන උත්සවය සංවිධානය විය. නර්ථනයෙන් රොෂාන් ලක්ප්‍රිය ලුට්ස් ප්‍රමුක විහාරස්ථ සරෝ නර්ථන කණ්ඩායමත් ගායනයෙන් සුප්‍රසිද්ධ විශාරද පවුලක්වන විශාරද වීරසිරි මල්වත්න, විශාරද අනූෂා මල්වත්ත, විශාරද නවීන් මල්වත්ත, විශාරද තිසරණී මල්වත්ත දේශාභිමාන ගීතයෙන් හදවත් අවදිකරන ලදී. විශේෂයෙන් අතුල දස්සන දහම් පාසලේ පුංචි දරුවන්ගේ නර්ථන හා ගායන හැකියාව සියල්ලෝ අගයකලහ. විශේෂ ආරධිත දේශනය මහා බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යංශයේ බෞද්ධ උපදේශන ආවාර්ය සුනිල් කාරියකරවන මහතා සිදුකරන ලදී.