අනුරාධපුර පූජා භූමි ප්‍රදේශයට ඊයේ (13 වැනිදා) පස්වරුවේ කහ වැස්සක් පතිත වී තිබේ.
පස්වරු 2.20 ට පමණ ඇදහැලුණු වර්ෂාවත් සමඟ රුවන්වැලි සෑය සහ ථූපාරාමය අතර ප්‍රදේශයට මෙම කහ වැස්ස පතිත වූ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුරාධපුර ඡේතවන ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂ සුමේධ කරුණාරත්න මහතා පැවැසීය.
තමන් නිල නිවාසයේ රැඳී සිටියදී මෙම වර්ෂාව පතිත වූ බවත්, ඉන් එක්රැස් කරගත් ජල සාම්පල බෝතලයක් මේ වන විට පරීක්ෂණ සඳහා ලබා දීමට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. (අනුරාධපුර – පර්සි කුරුනේරු)
Source: Divaina (Sri Lanka)