ඉස්ලාම් නොවන අන්‍ය ආගමිකයන්ට විකුණන භාණ්ඩ සඳහා හලාල් සහතිකය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස සමස්ත ලංකා මුස්ලිම් ආගමික විද්වතුන්ගේ සංගමය හලාල් සහතික ලත් සියලුම ආයතනවලින් ඉල්ලා සිටී.
එමෙන්ම හලාල් සහතික කරන ක්‍රියාදාමය මුස්ලිම්වරුන්ට පමණක් විකිණීම සඳහා යොදා ගන්නා ලෙසද එම සංගමය ඉල්ලා සිටී.
හලාල් සහතිකය සම්බන්ධයෙන් රටේ උද්ගත වී ඇති නොසන්සුන්කාරී වාතාවරණය සමතයකට පත්කර ගැනීමේ අදහසින් සහ ජාතීන් අතර සාමය, සමගිය ආරක්ෂාකර ගැනීමේ අධිෂ්ඨානයෙන් තම සංගමය මුස්ලිම් විද්වතුන්, අන්‍යාගමික භක්තිකයන්, දේශපාලන නායකයන් මෙන්ම රජයේ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වූ බවත් එම සංගමය සඳහන් කරයි.
අදාළ හලාල් සහතික කරන ක්‍රමවේදය මුස්ලිම් ජනයාට පමණක් සීමා වූ ක්‍රියාදාමයක් බවද අවධාරණය කරන එම සංගමය මව්බිමේ සාමය සමගිය ප්‍රාර්ථනා කරන වගකීමක් සහිත ආයතනයක් ලෙස මෙම තීරණයන්ට එළැඹි බවද ප්‍රකාශ කරයි. (රනිල් ධර්මසේන)
Source: Divaina (Sri Lanka)