තිලංගගෙන් සය අවුරුදු කි‍්‍රකට් සැලැස්මක්, සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල මහතා අද (27 වැනිදා) පෙරවරුවේදී සිය නාමයෝජනා

ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ මේ වන විටත් පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ තත්ත්වය ඉහළ දැමීම සඳහා සය අවුරුදු සැලැස්මක් ඇතිව තමන් මෙවර නිලවරණයට ඉදිරිපත් වූ බව තිලංග සුමතිපාල මහතා පවසයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වසර 2013-2015 පාලන සමය වෙනුවෙන් සභාපති තනතුර සඳහා තිලංග සුමතිපාල මහතා අද (27 වැනිදා) පෙරවරුවේදී සිය නාමයෝජනා පත‍්‍රබාර දුන්නේය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකුද වන සුමතිපාල මහතා පවසන්නේ කලකට ඉහතදී පරිපාලනමය වශයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ආසියාවේ ඉදිරියෙන්ම තිබූ නමුත් පසුගිය වසර කිහිපයක කාලයේදී ආසියාවේ සෙසු රටවල් ශී‍්‍ර ලංකාව අභිබවා ඉදිරියට ගොස් ඇති බවයි.

”අප මෙවර නිලවරණයට එන්නේ ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ නම් වූ විශේෂ වැඩසටහනක් සූදානම් කරගෙනයි… ඉදිරියේදී කුමක් වුණත් ඒ සැලැස්ම පවත්වාගෙන යනවා නම් හොඳයි”

”අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලදී අත්පත් කරගන්නා සාර්ථකත්වයට සමාන්තරව, පරිපාලනමය වශයෙනුත්, දේශීය තරගාවලියේ තරගකාරීත්වය මෙන්ම මූල්‍ය ස්ථාවරත්වයත් ඉදිරියට යා යුතුයි…. අප ‘දෙදහස් විස්සේ (2020) සැලැස්ම’ කි‍්‍රයාත්මක කරන්න සූදානම් වන්නේ ඒ අනුවයි” යයි සභාපති තනතුර සඳහා සිය නාමයෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සුමතිපාල මහතා ලංකාදීපට පැවසීය.

ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායම මේවන විට අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානය (ප‍්‍රසාද ලකුණු 92) දක්වා පහළ වැටී තිබෙන අතර එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 5 වැනි ස්ථානයට (ප‍්‍රසාද ලකුණු 110) ඇද වැටී තිබේ. කෙසේ වෙතත් විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාවේදී තවමත් ශ්‍රේණිගත අංක 1 ස්ථානය ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව ඇත.

”ආසියාවේ පළමු වැනි විස්සයි/20 දේශීය තරගාවලිය සංවිධානය කළේ අපියි. ඒ 2004 දී. ඒත් ඒක ඉදිරියට ගෙනියන්න එක එක ආකාරයේ බාධා ඇතිවුණා……අයි. පී. එල්. තරගාවලිය එන්නේ ඊට වසර 4 කට පස්සේ 2008 දී”

”වත්මන් එස්. එල්. පී. එල්. තරගාවලියත් අපේ දැන් තිබෙන දේශීය තරගාවලියට පෑහෙන්නේ නෑ. ඒකත් අපේ දේශීය තරගාවලියට සරිලන ආකාරයෙන් නැවත සකස් කළ යුතුයි” යයි කී සුමතිපාල මහතා….. ”ඒ සේරටම වඩා වයස අවුරුදු 21 න් පහළ තරගාවලියක් ආරම්භ කළ යුතුයි.. පාසල් වල වයස 19 න් පහළ කි‍්‍රකට් කී‍්‍රඩා කරලා ඉස්කෝලෙන් එළියට එන කි‍්‍රකට් කී‍්‍රඩකයා අතරමං වෙළයි ඉන්නේ…..ඔහුගේ කී‍්‍රඩාවේ රිද්මය දිගටම පවත්වාගෙන යන්න තරගාවලියක් සකස් කරලා දෙන්න  ඕනේ” යයිද පැවසීය.

පසුගිය වසරේදී (2012) ජනවාරි මාසයේදීත් සභාපති තනතුරට ඉදිරිපත්වීමට සූදානම් වුවත් අවසන් මොහොතේදී ඊට ඉදිරිපත් නොවූ සුමතිපාල මහතාගෙන් මෙවර ඉදිරිපත් වීමට හේතුව විමසා සිටි කල්හි ඒ මහතා මෙසේ පැවසීය.

”ඇත්තම කියනවා නම් මා පසුගිය වසරේදී සභාපති තනතුරට ඉදිරිපත් වෙන්න සූදානම් වුණේ නෑ. මගේ උත්සාහය වුණේ ‘ඉන්ටෙරිම් යක්‍ෂයාගෙන්’ (කි‍්‍රකට් අතුරු කමිටු) මිදෙන්න වසර ගණනාවකට පස්සේ ආපු අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරන් හොඳ කණ්ඩායමක් එක්ක එකතු වෙලා වැඩ කරන්නයි”

”ඒ වෙලාවේ ආනා පුංචිහේවා, මොහාන් ද සිල්වා වගේ අයත් අපිත් එක්ක හිටියා. ඒත් අවසන් මොහොතේදී ඒ සකච්ඡ කඩා කප්පල් වුණ නිසා උපාලි ධර්මදාස මහතා සභාපති වුණා”

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට නියමිතය.

Source: Lankadeepa (Sri Lanka)