ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ජර්මානු මැතිසබයේ විරෝධය

කොටි ඩයස්‌පෝරාව අන්දමන්ද කරමින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ජර්මානු පාර්ලිමේන්තුව දැඩි විරෝධය දක්‌වා එම යෝජනාවට සහාය දැක්‌වීමෙන් වළකින්නැයි ජර්මානු ආණ්‌ඩුවෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් පෙරේදා (02 වැනිදා) ප්‍රකාශයක්‌ කළ ජිනීවාහි ජර්මානු තානාපති හෙන්රි ෂූ මාකර් මහතා මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේ දැඩි ලෙස විවේචනයට ලක්‌කරමින් ඇමරිකානු යෝජනාව පිළිගත නොහැකි යෑයි කියා සිටියේය.

බ්‍රිතාන්‍යයේ චැනල් ෙµda රූපවාහිනිය මගින් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය කළ “නෝ හයර් සෝන්” නමැති වීඩියෝ පටයට දර්ශන සැපයූ කේ. ඩී. එස්‌. නමැති දෙදෙනකුට පමණක්‌ සීමාවූ මාධ්‍ය සංවිධානය විසින් ඇමරිකානු යෝජනාවට සහාය දක්‌වන්නැයි ජර්මන් ආණ්‌ඩුවට බලපෑම් කර තිබූ බව වාර්තා වේ. මේ අතර ඊයේ (03 වැනිදා) මාවයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අඩෙයිකලනාදන්, යෝගේෂ්වරන්, ශ්‍රීධරන් ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, තඡේන්ද්‍රන් ඇතුළු කැනඩා, නෝර්වේ, සහ ඉන්දීය කොටි හිතවාදීන් ජිනීවාහිදී සම්මන්ත්‍රණයක්‌ පවත්වමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් බලධාරීන් වෙත පෙත්සමක්‌ භාරදී තිබේ.

මෙම පෙත්සම මගින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුවට එරෙහිව නිසි පියවර ගන්නැයි දැඩි ලෙස ඉල්ලා තිබේ. (කීර්ති වර්ණකුලසූරිය)

Source: Daily Mirror (Sri Lanka)