බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට තමා නිෂ්පාදනය කළ චිත්‍රපට සඳහා ශ්‍රී ලංකාවේ කිසිවකු උදව් නොකළ බව එහි අධ්යක්ෂ කැලම් මැක්රේ කියයි.
ඔහු එසේ කියනුවේ චැනල් ෆෝ නාලිකාවට රහසේ උදව් කරන ශ්‍රී ලාංකිකයන් සිටී නම් ඔවුන් පිළිබඳ විස්තර ඉල්ලමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නමින් මාධ්‍ය වල පළවූ වාර්තාවක් සම්බන්ධයෙනි.
පිළිතුරු ලිපියක් මගින් ඔහු කියනුයේ ශ්‍රී ලංකාවේ කවර ප්‍රදේශයක හෝ වෙසෙන කිසිම කෙනෙකු අපගේ වාර්තා චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා අපට සහාය වී නොමැති බවත් එම චිත්‍රපටය නිපදවීමේදී ද්‍රව්‍යමය හෝ සම්මුඛ සාකච්ඡා හෝ වෙනත් කිසිදු සහභාගී වීමක් සඳහා හෝ කිසිදු ගෙවීමක් සිදු නොකළ බවයි.
Source: Lankadeepa (Sri Lanka)