කොටි සංවිධානයට රටවල් 11 කින් යුද්ධ අවි හා උපාංග ලැබුණ බවට සාක්ෂි සහිතව ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ සනාථ කිරීමට රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බවට පරීක්ෂණ අරඹන බවට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට මෙම පියවර ගෙන තිබේ. මුල්ලිවයික්කාල් හි කොටි බංකරයක තිබී හමුවූ රහස් ලියවිලි වලින් අවි ආයුධ සැපයුණු රටවල් ගැන හෙළිවී ඇත.
ඇමරිකානු හමුදාවට අයත් එම් 16 වර්ගයේ අවි හා සංඥ උපකරණ පවා කොටි ළඟ තිබී සොයාගත්තා යෑයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් පැවැසීය.
මේ හැර නෝර්වේ රටේ නිපැයූ නේරා නමැති චන්ද්‍රිකා පද්ධති හා කොටි ගුවන්යානාවලට අවශ්‍ය උපාංග යුරෝපා රටවල් දෙකකින් ලබාගත් බවට ලිපිලේඛන හමුවුණා යෑයි හෙතෙම තවදුරටත් පළකළේය.
මෙයට අමතරව කොටි නැව් ජාත්‍යන්තර නාවික සංවිධානයේ ලියාපදිංචි කර තිබූ බවද ඊට අදාළ ලේඛන පවා සොයා ගත් බවත් ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා හමුදාවට ලබාගැනීමට නොහැකි හමුදා විද්‍යුත් උපකරණ පවා ඇතැම් රටවල් කොටි සංවිධානයට සපයා තිබේ.
මේ සම්බන්ධව කොටි ජාත්‍යන්තර ආයුධ ප්‍රවාහක කේ. පී. වද සාක්ෂි ලෙස ඉදිරිපත් කෙරේ.
(කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)