චැනල් 4 රූපවාහිනිය මගින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව විකාශනය කළ “කිලිං ෆීල්ඩ්” චිත්‍රපටයේ සිදුවීම් ගැන හය දෙනකුගෙන් යුත් හමුදා විමර්ශන මණ්ඩලය විසින් පරීක්ෂණ අරඹා ඇත.
මේජර් ජනරාල් ඩබ්ලිව්. ඡේ. සිල්වා, ඒ. කේ. එස්. පෙරේරා, බ්‍රිගේඩියර්වරුන් වූ ඡේ. කුලතුංග, ඩබ්ලිව්. ආර්. ඒ. සිල්වා, ඒ. එස්. විඡේවික්‍රම සහ ලුතිනන් කර්නල් එච්. එම්. හේරත් යන නිලධාරීහු ඊට ඇතුළත් වෙති.
මෙම දර්ශන සැපයුවේ ජර්මනියේ ඡේ. ඩී. එම්. සංවිධානය බව පැවසෙන අතර නෝර්වේහි ද්‍රවිඩ මාධ්‍යවේදියකු වූ සරවනන් දක්වන්නේ තමා එය සැපයූ බවයි.
එහෙත් මේ දර්ශන අඩංගු වීඩියෝ පටය හමුදා බලධාරීන්ට ලබාදීම චැනල් 4 රූපවාහිනිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. (කීර්ති වර්ණකුලසූරිය)
Source: Divaina (Sri Lanka)