මොන ප්‍රශ්න, බාධක ආවත් වැඩි කළ විදුලි බිල අහෝසි කළ යුතු බවට බල කෙරෙන හෙට වර්ජනය ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ කේ. ඩී. ලාල් කාන්ත මහතා “දිවයින”ට පැවසීය.
මෙම වර්ජනයට කොටසක් විරුද්ධයි. තවත් කොටසක් කැමැතියි. ඒක තමා ස්වභාවය.
ඒත් බහුතරයක් මෙම වැඩවර්ජනයට ස්ථිරවම සහාය දෙනවා.
ඒ වගේම මෙම වර්ජනයට සහාය නොදුන් පිරිසත් හවුල් කරගෙන විදුලි බිලට එරෙහිව තවත් දැවැන්ත වර්ජනයක් ඉදිරියේදී ඇතිවිය හැකියි.
එක්සත් ජාතික පක්ෂය හා පක්ෂයට සම්බන්ධ ප්‍රධාන වෘත්තීය සමිති හතර හෙට (21 වැනිදා) පැවැත්වීමට නියමිත වැඩවර්ජනයට අනිවාර්යයෙන්ම පූර්ණ සහයෝගය ලබාදෙන බව එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා “දිවයින”ට පැවැසීය.
විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහි සියලු දෙනා කටකතාවලට නොරැවටී මෙම වැඩවර්ජනයට සහභාගි වන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.
එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමය, ජාතික වතුකම්කරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය සහ රාජ්‍ය සේවා ජාතික සේවක සංගමය යන වෘත්තීය සමිති සමග එජාපය වැඩවර්ජනයට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද හෙතෙම කීය.
Source: Divaina (Sri Lanka)