යුරෝපා රටවලට ශ්‍රී ලාංකිකයන් යෑවීමේ ජාවාරමක්‌ හෙළි වෙයි

ශ්‍රී ලාංකිකයන් යුරෝපා රටවලට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක්‌ සොයාගත් යුරෝපෝල් නමැති යුරෝපා පොලිසිය ඊට සම්බන්ධ ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් 17 ක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් එකොළොස්‌ දෙනකු බ්‍රිතාන්‍යයේදී හා හත්දෙනකු ප්‍රංශයේ දීද අසුව තිබේ.

මෙම දාහත්දෙනාගේ කල්ලිය විසින් ස්‌ටර්ලින් පවුම් 4500 ක්‌ අය කර ශ්‍රී ලාංකිකයන් වාහනවල දමා බ්‍රිතාන්‍යයට යවන බව තවදුරටත් හෙළි වී ඇත.

ප්‍රංශයේ නිවාස රැසක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙන් පසු මෙම ජාවාරමේ සුලමුල හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ජර්මානු පොලිස්‌ සේවාවන්ද යුරෝපා පොලිසියට සහය වී තිබේ.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රශ්න කිරීමේදී නීතිවිරෝධී මාර්ගවලින් බ්‍රිතාන්‍යයට හා යුරෝපයට පැමිණි විශාල පිරිසක්‌ ගැන හෙළි වී ඇත. (කීර්ති වර්ණකුලසූරිය)

Source: Divaina (Sri Lanka)