මහින්ද චින්තනයේ සහ ඉදිරි දැක්මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන්. මෙය අහෝසි කිරීමට නොහැකියාවක් නැහැ. තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට මෙය කළ හැකියි. දැන් ජනතාව රජයට බල කළ යුතුයි. “ජනාධිපතිතුමනි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න” කියා. මෙය සමාජය තුළින් මතුවිය යුත්තක්.
“දිවංගත ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති බලය සහිත 78 ව්‍යවස්ථාව ගෙන එන විට සිරිමාවෝ මැතිනිය ඊට විරෝධය පළ කළා. එකල විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ව්‍යවස්ථාව අහෝසි කළ යුතු බව පවසා පා ගමන් ගියා. එසේ නම් එදා විරුද්ධ වුණ ඔහුට අද ඊට පක්ෂ විය නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම දෙයක්” යෑයි කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ සඳහන් කළහ.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ 07 මහාචාර්ය ස්ටැන්ලි විඡේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති “කාලීන අවශ්‍යතාව – ව්‍යවස්ථා සංශෝධනයක්ද” මහජන සංවාදයේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෝට්ටේ නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ මෙසේ ද පැවැසූහ.
රටේ හැම තැනකම බරපතළ අසාධාරණකම් සිදුවෙනවා. ඒ නිසයි අපි සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරය ආරම්භ කළේ. අප සැමට යහපාලනයක් අවශ්‍යයි. නීතිය ඉදිරියේ අප සැවොම සමාන විය යුතුයි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වසර 35 ක් රට පාලනය කළා. මේ තුළින් කොපමණ ගැටලු මතුවී ඇත්ද මේ නිසයි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් අප යෝජනා කළේ.
කිනම් පක්ෂයක් බලයේ සිටියත් අපට ප්‍රශ්නයක් නැහැ. අපට අවශ්‍ය සාධාරණ සමාජයක්. විධායක ජනාධිපති ක්රමයේ ඵලවිපාක අප කවුරුත් දන්නවා. ව්‍යවස්ථාදායකයට, අධිකරණයට යටත් නැති කිසිදු සීමාවක් නොමැති ජනාධිපතිවරයෙක් මෙම ක්‍රමය තුළින් නිර්මාණය කර තිබෙනවා. මෙය රටට හිතකර නැහැ. මෙය වහා වෙනස් විය යුතුයි.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහසින් කඩා වැටුණු එකක්. අධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ. අභියාචනාධිකරණ සියලු පත්වීම්, මාරුකිරීම් කරන්නේ ජනාධිපතිවරයා නම් අපි සාධාරණත්වයක් බලාපොරොත්තු වන්නේ කොහොමද? නීතිපතිත් දේශපාලන අතකොළුවක් වී සිටිනවා. මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, නීතිපති උපදෙස් මත නිදහස් වෙනව. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මෙම කාලය තුළ කළ යුතුයි.
මහින්ද චින්තනයේ සහ ඉදිරි දැක්මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන්. මෙය අහෝසි කිරීමට නොහැකියාවක් නැහැ. තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුවට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට මෙය කළ හැකියි. දැන් ජනතාව රජයට බල කළ යුතුයි. “ජනාධිපතිතුමනි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න” කියා. මෙය සමාජය තුළින් මතුවිය යුත්තක්.
මැතිවරණ කොමිසම ක්‍රියාත්මක කළ යුතුයි. අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුව අධිකරණය පත්වීම් සිදු කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ කොමිසම ක්‍රියාත්මක කළ යුතුයි. සාධාරණ සමාජයක් ඇති කිරීමට මේවා ක්‍රියාත්මක කිරීම අනිවාර්යයි. ඒ වාගේම මනාප ක්‍රමය අහෝසි කර දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි.
රජය විධායක ක්‍රමය අහෝසි කරන්නේ නැත්නම්, එජාපය හොඳ ව්‍යවස්ථාවක් එළි දක්වන්නේ නැත්නම් අප විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මීළඟ ජනපතිවරණයට වෙනම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. එම අපේෂකයා ජයග්‍රහණය කර මාස තුනක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යාවශ්‍යම කාරණයක් ලෙස සළකා කටයුතු කරනවා.
මීට විරුද්ධ වෙන්න සාධාරණ සමාජය පතන කිසිවකුට නොහැකියි.
මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් කෘෂිකර්ම ඇමැති ප්‍රභාත් උදය ගම්මන්පිල මහතා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බව කියන එකම පක්ෂය අපගේ පක්ෂයයි. ප්රශ්නය තියෙන්නේ විධායක ජනාධිපතික්රමයේ නෙමෙයි. ලෝකයේ විධායක ජනාධිපති ක්‍රමය ඇති අනෙකුත් බොහෝ රටවල උද්ඝෝෂණ තබා කෙඳිරිල්ලක්වත් නැහැ.
අපගේ ජනාධිපතිවරයා ලෝකයේ බලතල වැඩිම ජනාධිපතිවරයා යෑයි ඇතැමුන් පවසනවා. නමුත් බලතල වැඩි අපේ ජනාධිපතිවරයාට නෙමෙයි. ප්රශ්නය තිබෙන්නේ අපගේ විධායක ජනාධිපතිවරයාට ඇති වරප්‍රසාදයි. නීතියට යටත් නොවීම ලොකු ගැටලුවක්. මොනයම් හේතුවක් නිසාවත් සිවිල් නීතිය යටතේ අධිකරණයක් හමුවට පැමිණිය නොහැකියි. යම් හෙයකින් ජනාධිපති ආර්යාවට ජනාධිපතිවරයාගෙන් දික්කසාද වෙන්න ඕන වුණොත් ඔහුගේ ජනාධිපතිධුරය අවසන් වනතුරුම ඉන්න වෙනවා. මෙය අරුම පුදුම ක්‍රමයක්.
මෙම තනතුර නුසුදුසු පුද්ගලයෙක් අතට පත් වුණොත් කොතරම් විනාශයක් සිදුවෙයිද? ඉස්සර රජවරු මුව දඩයමේ ගියාසේ මෙම බලතල තියෙන යම් ජනාධිපතිවරයකුට මනුෂ්‍ය දඩයමේ යන්න හිතුනොත් කුමක් සිදුවෙයිද?
මෙහිදී රාවය කර්තෘ කේ. ඩබ්. ජනරංජන මහතා අදහස් දැක්වීය.
ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විඡේතුංග මහතා වැඩසටහන මෙහෙයවූ අතර සංවාද මණ්ඩපය සඳහා විද්වතුන් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් ඇතුළු පිsරිසක් එක්වූහ. (සිරිමන්ත රත්නසේකර)
Source: Divaina (Sri Lanka)