ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු සුනාමි ආධාර සහ ගෝල් පාපන්දු සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලැබුණු මුදල්වලට සිදු වී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධව තවදුරටත් පුළුල් ලෙස සොයා බැලීම සඳහා රහස් පොලිසියට සහ අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැවරීමට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා තීරණය කොට ඇත.
අදාළ මුදල් අක්‍රමිකතා සොයා බැලීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරන ලද විශ්‍රාමික අධිකරණ විනිසුරුවරයකු වන උපාලි සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවේ විමර්ශන වාර්තාව ඊයේ (26 දා) සලකා බැලීමෙන් අනතුරුව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද මහතා එම තීන්දුව ගෙන තිබේ.
සති පහකට ආසන්න කාලයක් තිස්සේ අදාළ මුදල් ගනුදෙනුවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධ යෑයි සැලකෙන ශ්‍රී ලංකා පාපන්දුÊකළමනාකරණ කමිටුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ඇතුළු විවිධ පාර්ශ්වවලට අයත් පුද්ගලයන්ගෙන් ලිතව සහ වාචිකව කරුණු සොයා බැලීමෙන් අනතුරුව උපාලි සමරවීර පංච පුද්ගල වාර්තාව සකස් කොට ඊයේ ක්‍රීඩා ඇමැතිවරයාට බාර දුන් අතර, එහි බොහෝ ගනුදෙනු අවිධිමත් ලෙස සහ විනිවිද භාවයකින් තොරව සිදු වී ඇති හෙයින්, අදාළ අක්‍රමිකතා සම්බන්ධව තවදුරටත් කරුණු සොයා බැලිය යුතු බවට පංච පුද්ගල විමර්ශන කමිටුව ඒකමතිකව ඇමැතිවරයාට නිර්දේශ කොට ඇත.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සුනාමි ආධාර සහ ගෝල් පාපන්දු සංවර්ධන ව්‍යාපෘතියේ සියලු මුදල් ගනුදෙනු දේශීය කොන්ත්‍රාත් සමාගම සමඟ සෘජුව සිදුකර ඇති බවට පාපන්දු සම්මේලනයේ හිටපු නිලධාරීන් විසින් පෙන්නුම් කළ ඇති නමුදු ඊට ආදාළ ඇතැම් ලිපි ලේඛන බොහොමයක් ම ඊට වගකිව යුතු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් නොකළ බවත්, එහෙයින් ශ්‍රී ලංකා පාපන්දුÊකළමනාකරණ කමිටුව සමඟ පාපන්දුÊසම්මේලනයේ මෙන්ම පාපන්දු ලීගවල ද නියෝජිතයන් ඊට සෘජුව වගකිවයුතු බවත් උපාලි සමරවීර පංච පුද්ගල විමර්ශන කමිටුව පෙන්වා දී ඇත.
අදාළ සියලු ගනුදෙනු ක්‍රීඩා පනත අනුව නීත්‍යනුකූලව පත් වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලධාරීන් පසෙක සිටියදී තමන්ගේ සුඛ විහරණය සඳහා පත්කර ගන්නා ලද පාපන්දු කළමනාකාර කමිටුවේ ඉහළ නිලධාරීන් දෙදෙනකුගේ අවශ්‍යතා මත සිදු වී ඇති බවත් නීත්‍යනුකූලව තේරී පත් වූ පාපන්දුÊසම්මේලනයේ ලේකම්වරයා පසෙක සිටියදී ඔහුගේ අත්සන zස්කෑන්Z කරමින් සෘජුව සහ වක්‍රව බලතල පාවිච්චි කරමින් වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමඟ මුදල් ගනුදෙනු කොට ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති බව ඒ සම්බන්ධව ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති සහ වත්මන් උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාට එරෙහිව ද ක්‍රීඩා පනතට ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයා විධිවිධාන යොදා ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝග නොතකා අදාළ සුනාමි මුදල් ගනුදෙනුව සම්බන්ධව ඒකපාර්ශ්වික වාර්තාවක් පාපන්දු විධායක සභාවේ ද අනුමැතියකින් තොරව ජනමාධ්‍ය මගින් එළිදැක්වීම සම්බන්ධව සරත් වීරසේකර මහතාට චෝදනා එල්ල වී ඇත. මීට අමතරව උපාලි සමරවීර පංච පුද්ගල වාර්තාවේ පිටපතක් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට ද යොමු කරන බව පැවැසූ ක්‍රීඩා ඇමැතිවරයා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අදාළ සිද්ධිය සම්බන්ධව පවත්වනු ලබන පරීක්ෂණයේ වාර්තාව ලබන ජූලි 1 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය. (සුසිල් ප්‍රේමලාල්)
Source: Divaina (Sri Lanka)