දක්‍ෂතම කණ්‌ඩායමට සංගාගේ නමත්

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දක්‌වන ලද දස්‌කම් සැලකිල්ල ගනිමින් ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් නම් කරන ලද ශූරයන්ගේ කුසලාන ක්‍රිකට්‌ කණ්‌ඩායමට ශ්‍රී ලංකා පිලේ සුපි§රි පිතිකරු කුමාර් සංගක්‌කාර ඇතුළත් වී සිටියි.

එංගලන්තයට එරෙහිව නොදැවී රැස්‌ කරන ලද ලකුණු 134 ක ඉනිම ප්‍රධාන කොට සංගක්‌කාර එම අවස්‌ථාව උදාවී තිබේ. අදාළ ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. ඒ අනුව සංගක්‌කාර එම කණ්‌ඩායමේ අංක 3 පිතිකරණ ස්‌ථානයේ ක්‍රීඩා කිරීම සඳහා තෝරාගෙන ඇත.

ශූරතාව දිනූ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් නායකත්වය දරනු ලබන මෙම කණ්‌ඩායම හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් පස්‌ දෙනෙකුගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක්‌ විසින් නම් කර තිබේ.

ඒ අනුව සංගක්‌කාර එම කණ්‌ඩායමේ

නම් කරන ලද කණ්‌ඩායම පිතිකරණ අනුපිළිවෙළ අනුව – ෂිඛර් ධවාන්(ඉන්දියාව), ජොනතන් ට්‍රොට්‌(එංගලන්තය), කුමාර් සංගක්‌කාර(ශ්‍රී ලංකාව), විරාට්‌ කෝලි(ඉන්දියාව), මිස්‌බා උල්හක්‌(පාකිස්‌තානය), මහේන්ද්‍ර සිං දෝනි(ඉන්දියාව), රවීන්ද්‍ර ජඩේජා(ඉන්දියාව), රයන් මැක්‌ලරන්(දකුණු අප්‍රිකාව), බුවනේෂ්වර් කුමාර්(ඉන්දියාව), ඡේම්ස්‌ ඇන්ඩර්සන්(එංගලන්තය), මිචෙල් මැක්‌ලිහන්(නවසීලන්තය), ජෝ රූට්‌(එංගලන්තය 12 වැනි ක්‍රීඩකයා)

Source: Divaina (Sri Lanka)